වීගන් බනානා ඇන්ඩ් ෆෘට් කේක්

වළාකුළු බර වෙලා හෙමිහිට හෙමිහිට වැහි බිංදු කාඩාගෙන වැටෙනවා. මේ විධියට වැස්ස කඩා වැටෙනකොට පරිසරය ආදරයෙන් ඒ දිහා බලනවා වගේ තමයි දැනෙන්නෙ. සීතලට කවුද අකමැති. පරිසරය හැමදාම මෙහෙම තියෙනවා නම් කියලා මේ අත්දැකීම මතක්වෙනකොට හිතට දැනිලා ඇති. අපි අද පරිසරය වෙනුවෙන් කරන දේ තමයි අනාගතයට ඉතිරි වෙන්නෙ. ආහාර ගනිද්දි මේවා ගැන හිතන්න උවමනායි නේද කියලා දැනෙන්නෙ කීයෙන් කී දෙනාටද ? අපි Meatless Monday Sri lanka Team එක විධියට මේ දේවල් ගැන නිතර මතක් කරනවා.

ඒ වෙන මොකුත් නිසා නෙවෙයි අපි පරිසරයට විතරක් නෙමෙයි ඔයාලටත් ආදරේ නිසා. මෙන්න මේ වගේ දේවල් හිතට දැනෙන වෙලාවක සීතලේ උණුසුම් තේ කෝප්පයක් බොන්න Meatless Monday Sri lanka Team එක කල්පනා කළා. හැමදාමත් වගේ අපි ඒ තේ එක උසස් තේ එකක් කරගන්න රස අතුරුපසකුත් සොයා ගන්නවා. හැබැයි ඒ රස ගැන අපි ඔබට කියනවා.

එක අඩුපාඩුවකට තියෙන්නෙ අද සජානි නෑ. සජානි සිංගප්පුරුවේ අපි ලංකාවේ. නමුත් සජාති එහෙ ඉදන් අපි මෙහෙ ඉදන් ඔයාලට රසම රස වීගන් කෑම හොයනවානේ. ප්‍රශ්නයක් නෑ. එහෙ ඉදන් මේ ෆොටොස් බලලා සජානිටත් මේ රස ගැන අදහසක් ගන්න පුළුවන්.

ද වීගන් කිචන් ( The Vegan Kitchen )

අපේ Meatless Monday Sri lanka Team එකට The Vegan Kitchen By Sulo  නුහුරු තැනක් නෙමෙයි. ඒ වගේම අපි දන්නවා වීගන් කෑමවලට කැමැති ඔබටත් මේ තැන නම් නුහුරු තැනක් නෙමයි. හැබැයි අපි අද තේ වෙලාවට අතුරුපසට ගත්ත The Vegan Kitchen කේක් කෑල්ල ගැන නම් නොලියම බෑ. මොකද දන්නවද ? ඒ කේක් කෑල්ල ඒ තරම්ම රස නිසා.

වීගන් බනානා ඇන්ඩ් ෆෘට් කේක් (vegan banana and fruit cake)

වීගන් කේක්. අපි කතා කරන වීගන් කියන කාරණාව දන්න අය නම් මේ ගැන හොදින්ම දන්නවා. ඒත් සිංහල පාඨකයන්ට ඇතැම්විට වීගන් කියන එක තාමත් ටිකක් විතර දුරයි. සියලුම සත්ත්ව ආහාර හා නිෂ්පාදනවලින් වැළකී සිටින්නා කියලා තමයි මේ පිරිස හදුන්වන්න වෙන්නෙ. වීගන් කේක් හදන්න එතකොට බිත්තර ගන්නෙත් නෑ සත්ත්ව කිරි හෝ කිසිදු සත්ත්ව නිෂ්පාදනයක් යොදා ගන්නෙත් නෑ, දැන් වීගන් බනානා ඇන්ඩ් ෆෘට් කේක් හැදුන හැටි ඔයාට තේරුම් ගන්න පුළුවන් නේද ? බිත්තර නැතිව කේක් කිව්වමත් ඇතමෙක්ට තාමත් නුහුරු ඇති. නමුත් ඇත්ත බිත්තර දාන්නෙ නැතිව කේක් හැදෙනවා.

වීගන් බනානා ඇන්ඩ් ෆෘට් කේක් එකක් The Vegan Kitchen එකෙන් ගෙනාවානම් මේ ගැන වඩාත් හොදින් බලාගන්න පුළුවන්. සජානිත් නැති නිසා කේක් ඔෆිස් එකට බෙදුවෙ මම. ඒ බෙදන ගමන්ම වීගන් බනානා ඇන්ඩ් ෆෘට් කේක් එකේ රස ගැන කියන්න කියලා මම ඔෆිස් ඒකේ අයට කිව්වා.

ඒ කියන ගමන් මම රස කර කර කන්න පටන් ගත්තා. මුළු ඔෆිස් එකටම මේ වීගන් බනානා ඇන්ඩ් ෆෘට් කේක් එක නැගලා ගියා. මට නම් ආවේ ඔක්කොටම අතරමැද කියාගන්න බැරි රහක්. මේ කේක් කෑල්ල කෙසෙල් රසක්ද, නැතිනම් ඉගුරු රසක්ද, නැතිනම් පළතුරු රහක්ද කියලා කියන්න බැරි අමුතු රහක් තමයි මට ආවේ. හැබැයි ඒ අමුතු රහ මට විනෝදයක් ගෙන දුන්නා. සීනි රහ වැඩියි කියලා කේක් කෑල්ල කන ගමන් ඔෆිස් එකේ අය කියපු කතාවට බුද්ධිකා විරුද්ධ වුණා. මට නම් සීනි රස ගාණට. ටොප් ලේයර් ඒකේ සීනි වැඩි වුණත් ඒක පහළට සීනි අඩුයි. එතකොට සීනි මට නම් බැලන්ස්. මට පුහුල්දොසි හැපුණා, රට ඉදි සහ ඉගුරුත් හැපුණා යැයි බුද්ධිකා කීවාය. කහට එකක් එක්ක කන්න නම් මේක මරු බුද්ධිකා නැවතත් තමන්ට අමතක වු දෙයක් සිහි කැදවන්නාක් මෙන් පැවැසුවාය.

ඇයට වඩා සිත්ගෙන තිබුණේ තෙත ගතියෙන් යුත් ඉහළින්ම තිබු ලේයරයයි. සදලි නම් ඊට වෙනස් කතාවක් කිව්වෙ. මට කෙසෙල් කෑලි, ඉගුරු කෑලී හැපුණා. හැබැයි ඒ කෑලි තරමක් කුඩාවට කපලා හදන්න පුළුවන් නම් මට ඒක තවත් හොදයි. සීනි නම් ටිකක් විතර වැඩියි කියලා සදලි කීවාය.

අපේ ඔෆිස් ඒකේ කාර්යාල සහායිකාව ක්‍රිෂාන්තිගෙන් මේ ගැන අහන්නට සිත්වුයේ ඇයගේ ප්‍රතිචාරය අමුතු එකක් වනු ඇතැයි සිතු නිසාය. ක්‍රිෂාන්ති අර කේක් කෑල්ල කොහොමද ? නියමයි සර්. ඇය උත්තර දුන්නාය.  නෑමම අහන්නෙ ඒකෙ බිත්තර රස කොහොමද ? මම පෙරළා ඇසුවෙමි. හොදට තිබුණා නේ. හරිම රසයි. ඇත්තටම ක්‍රිෂාන්ති හැම ජාතියේම කේක් කන නිසා මේ වීගන් කේක් යැයි දැන සිටියේ නැත. නමුත් වීගන්ම සොයා නොයන කේක් කන අයට මේ කේක් කෑල්ලක් කෑවම රස අමුත්තක් නොවන බවට මම ඒ ප්‍රතිචාරයෙන් හොදින්ම දැනගත්තා.

දැන් ඉතිං අපේ සිංගප්පුරු ඉන්න සජානිට කියන්න තියෙන්නෙ අපි දැන් රසට රසේ The Vegan Kitchen එකෙන් කේක් කෑවා. ඔයත් හැමදාමත් වගේ අපට ඒ වගේ වීගන් කෑමවල විස්තර කියන්න ඔන. හැබැයි එනකොට අරගෙන එන්නත් ඔන.

Meatless Monday Sri lanka Team එක විධියට අපි ඉල්ලන්නෙ අඩුමගානේ සදුදා දවසට හරි නිර්මාංශ වෙන්න කියලා. එහෙම පුළුවන්නම් ඒක ඔබේ ජීවිතයේ විශාල පෙරළියක් වේවි. ඒක තව පැත්තකින් ලෝකයට පරිත්‍යාගශීලි යමක් ඉතිරිකරන මිනිසකු ලෙස සමාජ මෙහෙවරක් වනු නියතයි. අපිට ආස හැම දේම අපි නොදන්නවා වුණාට සත්ව නිෂ්පාදනවලින් තොරව ලබා ගන්න පුළුවන්කම අපට තියෙනවා. ඒ නිසා කේක් වලට බිත්තර දානවනේ ඒ නිසා මම කේක් කන්නෙ නෑ කියපු කාලේ ඉවරයි. දැන් බිත්තර නොදා හදන, හැබැයි බිත්තර දෑවටත් වඩා රස කේක් තියෙනවා.

The Vegan Kitchen එකේ සුලො හමුවුණානම් මේ ගැන හොදින්ම දැන ගන්නත් රස බලන්නත් පුළුවන්. ඇයගේ නිෂ්පාදන ෆේස්බුක් ගිණුමෙ The Vegan Kitchen By Sulo  පිටුවට ගිහින් ඇණවුම් කරන්නත් පුළුවන්. ඔන්න එහෙනම් අපි අදත් රස කෑමක් ගැන ඔයාලට කිව්වා. තවත් දවසක හමුවෙමු.

රමේෂ් වරල්ලෙගම / සජානි කපුකොටුව


by

Tags: