නුග කැෆේ


කොළඹ නගරයේ පිහිටු වූ සෞඛ්‍යසම්පන්න ආහාර සකසන නවතම අවන්හල වන්නේ ග්‍රීන්පාත්හි පිහිටි නුග කැෆේ අවන්හලයි. මෑතකදී ආරම්භවූ අවන්හලක් වුවද නුග කැෆේහි ආහාර වර්ග විශාල සංඛ්‍යාවක් අතරේ නිර්මාංශ ආහාර වර්ග ද බොහොමයක් ඉදිරිපත් කර ඇත. රසවත් ආහාර, විවිධ ලෙස තෝරාගත හැකි අයුරින් ඉදිරිපත් කරන ලද මෙම ආහාර සියල්ලක්ම කාබනික නිෂ්පාදන වීම සහ දැරියහැකි මිලකට අලෙවි කිරීම විශේෂත්වයයි. නිර්මාංශ සඳුදා ව්‍යාපෘතියේ අපි ද නිර්මාංශ ආහාර වර්ගවල රස බැලීමට නුග කැෆේ වෙත ගියෙමු.

ටෝෆු wrap සහ එළවළු පාස්ටා 

නුග කැෆේහිදී ඔබට මෙක්සිකානු, ඉතාලි, බටහිර කෑම බීම වර්ග බොහොමයක් සමග දේශීය බත් සහ ව්‍යංජන ද රසවිඳිය හැකියි. අප එහි හිඳගත් විගස සුදුළූනු පාන්(Garlic Toast) අපිටය පිළිගැන්වීය. උණුසුම් හා හොඳින් ටෝස්ට් කර ඇති පාන් මත සුදුළූනු බටර් තවරා තිබුණේ රසය තව තවත් වැඩිකරමිනි. එයින් පසුව අප හුමූස් (රු. 600)ඇනවුම් කළ අතර එය පිළිගැන්වුණේ එළවළු ව්‍යංජනයක් හා පීටා පාන් එකක් සමගයි. එළවළු තැටිය පිරී තිබුණේ කැරට්, සැල්දරි, පිපිඤ්ඤා, සලාද කොළ, ඔලිව් සහ ගර්කින්වලිනි. හුමුස් බොහෝසෙයින් ක්‍රීම් ගතියෙන් අනූන වූ අතර ඔලිව් තෙල් හා කුළුබඩු යොදා වඩාත් රසවත් කර තිබුණි. 

ප්‍රධාන ආහාරය සදහා අප තෝරාගත්තේ එළවළු පාස්ටා, ටෝෆු රෝල් සහ බතල ය. එළවළු පාස්ටා (රු.820) ස්පැගැටි පාස්ටා එකක් ලෙස සකසා තිබූ අතර ඊට චීස්, තක්කාලි සහ විවිධ එළවළු එක් කර තිබිණි. සුචිනි, බ්‍රොකලි, හතු, රට හාතාවාරිය ආදී එළවළු සෝස් එකට යොදා තිබුණි. මෙම ආහාර වේලට සුදුළූනු පාන් එක්වූ බැවින් එය වඩාත් ප්‍රණීත එකක් විය.

බතල සමග ටෝෆු රෝල් (රු.820) නුග කැෆේහිදී හමුවූ එක් එළවළුමය ආහාරයකි. ග්‍රිල් කරන ලද ටෝෆු සහ වම්බටු, පිපිඤ්ඤා, බතල, බෙල් පෙපර්, අලිගැටපේර එහි දවටනය තුළ පුරවා තිබුණි. ටෝෆු රෝල් පිලිගැන්වුයේ බීටරූට් සෝස් හා බතල අල සහ වියළි අනෝදා පෙතිද යොදාගනිමිනි. මෙය කෙතරම් රසවත් ද යන්න කිවහොත් එය මේසයට ආ සැණින් අවසන් වී තිබුණි.

නුග කැෆේහිදී හමුවන තවත් රසවත් කෑමක් වන්නේ නිර්මාංශ ලෙසින් සැකසූ චොක්ලට් කේක් (රු. 450) ය. කිරි යොදානොගෙන සැකසූ මෙම චොක්ලට් කේක් එක ඉතාම මෘදු හා රසවත් ලෙස සකසා තිබිණ. එය ඔබේ රස නහර පිනා යන අතුරුපසක් වනු නොඅනුමානයි.

නුග කැෆේහි ඉගුරු බ්ලැක් තේ සමග හකුරු (රු. 200) අපගේ නිර්මාංශ ආහාරවේලට අපූරු එකතුවක් විය. එහි කිරිවලින් පාන වර්ග බොහොමයක් ඇති අතර ඒවා ද සකසා ඇත්තේ සෝයා හෝ ආමන්ඩ් කිරිවලිනි. 

අන්තර්ගතය
අවසානයේදී ඇත්තෙන්ම එය අපූරු අත්දැකීමක් විය. ඔවුන් සපයන සේවාව අතිවිශිෂ්ට වූ අතර අප ඇනවුම් කළ සෑම දෙයක්ම මිනිත්තු 15ක් ඇතුළත පිළිගැන්විණි. කාර්ය මණ්ඩලය ද සුහදශීලී සේවාවක් සපයනු ලබයි. සුන්දර ගෙමිදුලක සුවපහසුව හා ස්වභාවික හිරු එළිය විඳිමින් රසවත් ආහාර රස බැලිය හැකි නු‌ග කැෆේ සැබැවින්ම අපූර්වතම අත්දැකීමකි.


by

Tags: