ඩෙසර්ට් බයි වීඅයිසී (Desserts by Vic)

ඩෙසර්ට් බයි වීඅයිසී කියලා මම සිංහලෙන් ලියුවෙ ඉංගිරිසියෙන් කියවගන්න. වීඅයිසී වෙතින් පිදෙන අතුරුපස වගේ කියල සිංහලට හරවලා කියන්නත් පුළුවන්. ඒ ඔක්කොම ඇතෑරලා වීඅයිසී කියලා කිව්වත් වික් කියලා කිව්වත් නම අදුනගන්න පුළුවන්.

අද අපි මේ කියන්න යන්නෙ වීගන් අතුරුපස තිබෙන අපූරු නිවහනක් ගැන. මේ අතුරුපස නිවහන පිහිටලා තියෙන්නෙ අංක 24/10 ශ්‍රී සිද්ධාර්ථ පාර, කොළඹ 05 කියන ස්ථානයෙ. ඔන්න ඉතිං කියන්න එපා ඒක අවන්හලක් නෙමෙයි නිවසක්නේ කියලා.

අපි පැහැදිලිව කියනවා. ඔව් ඒක නිවසක්. හැබැයි ඔයාලා ආස කරන වීගන් අතුරුපස, විශේෂයෙන් වීගන් කේක් වර්ග රාශියක් තියෙන තැනක්.

නිවසක් තුළ නිර්මාණය වෙලා තියෙන Sri Lanka’s first Vegan Dessert Bar එකට ඔන්න අපි දෙන්නත් අවා. දැනටමත් දන්නවා ඔයාලා අපි දෙන්නා කිව්වාම සුරම්‍යා සහ මම. අඩුපාඩුව තඩ්සාජනී. ඇය යාපනයේ ගිහින්. නමුත් මේ රස විත්ති ඇයත් දෙමළ භාෂාවෙනුත් ඔබට ගෙන එනවා සිකුරුයි.

වීගන් අතුරුපස ගැන විශාල උනන්දුවක් තිබෙන සුරම්‍යා වීඅයිසී නිවහනට ඇතුළුවුණේ පුදුමයෙන් වගේ අතුරුපස දැකපු ගමන් එක කොනක ඉදන් අනෙක් කොනට යනකම් අතුරුපස. අපට කොතනින් පටන් ගෙන කොතනින් ඉවර කරන්නද කියලා හිතාගන්න බැරි තරම් අතුරුපස වර්ග රැසක් මෙතන තියෙනවා.

නිර්මාංශ ආහාර ගන්න බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නය තමයි ඔවුන් වීගන් නොවී වෙජිටේරියන් වීම. ඊට හේතුවෙලා තියෙන්නෙ බොහෝ විට කිරි සහ බිත්තර පවා නොමැති නිර්මාංශ ආහාර වේලක් ප්‍රධාන ආහාරවේලට එක්කර ගත්තත් අතුරුපස සොයනවිට බොහෝවිට කිරි, බිත්තර වලින් හදන ලද අතුරුපස කෑමට ගැනීම. මෙන්න මේ ප්‍රශ්නයට විසදුම් රැසක් වීඅයිසී ඩෙසර්ට් බා ඒකේ තියෙනවා කියලයි මට නම් හිතුනෙ.

මෙම ස්ථානයේ තවත් අපූර්වත්වයක් තියෙනවා. ඒ තමයි ‌මෙම අතුරුපස නිෂ්පාදන ව්‍යාපාරය පවත්වාගෙන යන්නෙ වික්. වික් ආහාර නිෂ්පාදන කේෂ්ත්‍රය ගැන උනන්දුවක් දක්වන්නෙ ඔහුත් වීගන්වීම නිසායි.

වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන්න ගියාම තමයි මම මේ බොහෝ ආහාරවල ගුණ අගුණ දැන ගත්තෙ. බොහෝ දෙනෙක් ආහාරවල තිබෙන ද්‍රව්‍ය ගැන සැළකිලිමත්නොවී ආහාර ගන්නවා. මම වීගන් වීමට තීරණය කළේ මගේ අත්දැකීම් හා ලැබුණු දැනුම අනුව. දැන් මට මගේම නිෂ්පාදනයක් ඔස්සේ රස වගේම ගුණ අතුරුපස ලබාදීමට හැකිවී තිබෙනවා යැයි වික් පැවැසීය.

Meatless Monday Sri Lanka කණ්ඩායම සමග වෙනත් දවසක දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකට එක්වීමට අප කළ ඇරයුමද වික් ඉතා සුහදශීලීව පිළිගත්තා. විද්‍යා කතා කරන්න පුළුවන් කියලා වික්ටම ඒ කටයුත්ත පැවැරුවා. 

බ්‍රව්නීස්,කප් කේක් සහ ඩෙසර්ට් කේක් දක්වා බොහෝ දේ වීඅයිසී අතුරුපස නිවසේ තියෙනවා. 

චොකලට් (Chocolate), වයිට් වෙල්වට් (White Velvet), චොකලට් ෆඩ්ජ් (Chocolate Fudge),ටිරාමිසු( Tiramisu), කොෆි කැරමල් කේක් (Coffee Caramel cakes) විවිධ වර්ගයේ කප් කේක් (cupcakes including triple chocolate, coffee cupcakes and the mocktail Pina Colada, Margarita cupcakes) ඒ අතර විශේෂිතයි.

අසුන් ගැනීමට තැනක් නොවුයෙන් අපි අතුරුපස මිලදීගෙන මෙම ස්ථානයෙන් නික්ම යා යුතුව තිබිණි. 

ඒ නිසා අප මිලට ගත් වික්ගේ ප්‍රියතම වයිට් වෙල්වට් කේක් කෑල්ල (රු.610) මාගරීටා කප් කේක් (රු.250)  සහ චොකලට් බ්‍රව්නී (රු.220) සදහා එක් ආයිතමයක මිල සටහන්ව තිබුණේ ඉහත පරිදිය. ඒ නිසා ඔබටත් මේ තැනට ඇවිල්ලාම තමන් ගන්න අතුරුපස වර්ගය තීරණය කර ගත හැකියි.

වීඅයිසී අතුරුපස නිවසට යන ගමන ඇතැම්විට ඔබට සංකීර්ණ වනු ඇත. නමුත් ගූගල් යෙදුම ඔස්සේ ඔබ ගමන් කරන්නේ නම් ඒ මාර්ගයේ වීඅයිසී නිවහන දක්වා ඊතල සටහන් ඔබේ පහසුව වෙනුවෙන් මග දෙපස යොදා ඇති බවත් සිහිපත් කළ යුතුයි.

ඒ විතරක් නෙමෙයි යුබර් ඊට්ස් (Uber Eats) ඔස්සේත් මෙම අතුරුපස නිවසටම ගෙන්වා ගැනීමේ පහසුව ඔබට තිබෙනවා.

ඔන්න සුරම්‍යත් මමත් නිවසට ගිහිං මෙම අතුරුපසවල රස බැලුවා. තවත් දවසක කන්න තියෙනවා නම් වගේ හැගීමක් ඇති කරන තරමට ඒවා රසවත්. ඒ නිසා අතුරුපසට ආස වීගන් හිතවතුන් හිතවතියන්ට මේ තැන කදිම තැනක් වේවි. 

Meatless Monday Sri Lanka කණ්ඩායම විධියට අපි නැවතත් මෙවන් තැනක අපේ අත්දැකීම් ඔබට කියන්න සුදානම්. හැමදාමත් වගේ වීගන්වීම ඔබට උතුම් නිරෝගීබව උදාකරතැයි විශ්වාසය තබමින් අදට නවතිනවා. ජය ! 


by

Tags: