කළු කොස් ඇට මාලුවක් කන්න Upali’s by Nawaloka ගිය ගමන

සජානි සිංගප්පුරු ගිහිං නැවත ලංකාවට ආවා කියලා ඔයාලා දැනගන්නෙ මම මේ වගේ කතා ලියන්න ගත්තම. හරි නේ. ඔන්න Meatless Monday  වැඩසටහනේ Sri Lanka Team ඒක විධියට  සජානියි මමයි අදත්  Vegan කෑම වේලක අපූරු රස සොයා ගෙන යනවා. 

අපි අද යන තැන තෝරාගත්තෙ සජානිමයි. මම ඉතිං ඇහුවේ නෑ සිංගප්පුරුවෙ ඉදන්මද මේ තැන සොයා ගත්තේ කියලා. හැබැයි අපි දන්න කියන තැනත්. මම නම් නිතරම යනවා වගේ තමයි සජානි ගාව හැසිරුනේ. ඒ වුණාට ඇත්ත ඒක නෙමෙයි. Upali’s by Nawaloka කටට රහට කන්න කැමැති බොහෝ දෙනෙක්ගෙ නවාතැන උපාලිස්. මම ඔය වගේ ඇඩ් එකක් දාගෙන සජානි එක්ක ටැක්සියට නැග්ගා.

 ටැක්සි ඩ්‍රයිවරුත් අපි ගැන පේන බලනවා වගේ ඩ්‍රයිවර් කෙනෙක්. ගහට ගහක් මොරටුවෙදි හමුවෙනවා කිව්වට මේ ඩ්‍රයිවර් හමුවුණේ නාරාහේන්පිටදි. උපාලිස් එකට යනකම් සජානි කන්දෙක වහගෙන හිටියා අපි දෙන්නා පරණ පුරුදු යාලුවො දෙන්නෙක් හමුවුණා වගේ හිටියෙ බර කතාවක. 

සජානි එහෙන් මෙහන් පොඩි විස්කිරිත්තන් හිනාවක් දානවා වගේ ඇහුණා. අපි නෙමෙයි ඇහැක් ඇරලා බැලුවේ. කතාව ගිනි දවාලෙ තියෙන රස්නය මදක් අමතක කෙරෙව්වා. ඒසී ගැන ඇහුවෙම නෑ, බහින වෙලාව වෙනකොට ඩ්‍රයිවර් අයියා කිව්වේ ජාතිය ගැන. මම කිව්වා අපි ශ්‍රි ලාංකේය ජාතියේ අය කියලා. වැඩි වැඩියෙන් ලැබෙන්න වැඩ කරන්න කියලයි අයියා අපට උපදෙස් දුන්නෙ. මම කිව්වෙ ඔ්වා ඉතිං හිතට ගන්න ඔන සජානි වගේ අය. මම එහෙම කිව්වෙ නෑ. එහෙම කිව්වා නම් උපාලිස් යන්න කලින් ලන්ච් එක මගින්ම සෙට් වෙනවා නේ. 

ඔන්න අපි බොහොම අමාරුවෙන් උපාලිස් ඒකේ පිවිසුම් දොර සොයාගත්තා. මොකද ඩ්‍රයිවර් අයියා අපිව කරකලා ඇතෑරිය නිසා. හැබැයි අසාධාරණ වැඩකුත් වුණා කියන්නකො. සිකුරිටි මල්ලි මගේ හිසේ ඉදන් පාදාන්තය දක්වාම පරීක්ෂා කරලා බැලුවා. කීක් කීක් ගෑවා. මහත්තයා ෆෝන් එක නේද කියලා ඇහුවා. මෙන්න සජානි මල් හිනාවක් දා ගෙන ඇතුළට ගියා. මොකුත් පරීක්ෂා කරේ නෑ කියන්නකො. කමක් නෑ ඉතිං. සිකුරිටි අක්කා ඒ වෙලාවේ පොඩ්ඩකට එහා මෙහා වෙලා වෙන්න ඇති. 

අපි ගිහිං ඔන්න මේසයක වාඩිවුණා. අම්මෝ බලන්න එපැයි ඒ වෙනකොට දවල් එක විතර වෙලා නිසා ආපු අය දුම් දාගෙන කෑම කන්නයි ලෑස්ති වෙලා උන්නේ. මටත් බොරු කියන්න බෑ හොදටම බඩගිනියි. ඒත් ඉතිං මේවා සජානිට කියන්න පුළුවන්ද ?. හොද වෙලාවට සජානි එන්න කලින්ම කෑම වට්ටෝරුව බලාගෙන ඇවිල්ලා තිබුණේ. ඇත්තටම මම ගමේ කොල්ලෙක් නිසා කොස්ඇට කළුපොල් මාලුව නිතර කාපු කෙනෙක්. ඒත් දැන් මේ කොළඹ ඇවිත් කොස්ඇට කළුපොල් මාලුවක් දැකපු කාලයක් මතකයේ තිබුණේ නෑ.

කොස් ඇට කළුපොල් මාලු එවලේ ඔඩර් කරලා ගන්න පුළුවන් කෑමද්ද කියලත් මට අදහසක් තිබුණෙ නෑ. අර අපේ වේටර් මල්ලි ආවම සජානි ඔන්න මගෙනුත් අහලා කොස්ඇට කළුපොල් මාලුවකුත් ඔඩර් කළා. 

කොළඹ 07 තැනකින් කොස්ඇට කළුපොල් මාලු කන්න පුළුවන් තැනක් තමයි ඔන්න උපාලිස් එක. මම මෙව්වා කිව්වම ඔයාලා මේවා මතක තියාගන්න ඔන හොදේ. සජානි කියන්නෙ අර කෑම වට්ටොරු පොතෙන් Vegan කෑම සොයා ගන්න ලෙහෙසියි කියලා. එහෙම කියලා සජානි මොනවද ඔඩර් කරන්නෙ මොනවද කියලා අහනවා. මම නම් ඉතිං දවල්ට බත් කන්න ආස කෙනෙක්නෙ. බතුත් ඔනෙ කියලා පොඩි අයිඩියා එකක් දැම්මා. මෙන්න සජානි අපි දෙන්නට දාපු Vegan ඔඩර් එක.  

නොකියාම බැරි කාරනේ තමයි උපාලිස් එකේ කාර්ය මණ්ඩලය නිර්මාංශ කෑම කන අය ගැන අවබෝධයක් තිබෙන අයයි. ඒක ඔයාලටත් පහසුවක් වෙයි බිත්තරයක් හරි දාන කෑම ජාති තියෙනවා නම් එයාලා අපිව දැනුවත් කරනවා.

  • මුල්ලිගටව්නි සුප් 
  • තැම්බුම් හොදි රසම් 
  • තෙම්පරාදු බත්
  • කජු සුදට උයපු ව්‍යංජනය 
  • කොස් ඇට කළුපොල් මාලුව
  • බ්ම්මල් බැදුම 

මෙම කෑම වේලට කලින් ඇගේ පතේ වෙහෙස යන්න වගේ අර මගේ බලවත් පෙරැත්තට බීම දෙකකුත් අපි ඇණවුම් කළා.

  • කරපිංචා 
  • වැල්දොඩම් 

තව මේ ඇණවුමටම කට්ලට් කිහිපයක් ඇණවුම් කරන්න බැලුවත් අපගේ හිතවත් වේටර්වරයා ඒ සෑම කට්ලට් ඇසුරුමක්ම බිත්තර යොදා සැකසෙන බව මතක් කළා. Vegan අයට ඒ විධියට සත්කාර කරන්න දැනුවත් වෙටර්වරු ඉදිමත් උපාලිස් එකේ විශේෂත්වයක්. හැබැයි කලු පොල් මාලුව ගේන්න කලින්ම මේ කතාව අහලා සජානිගෙ මුණ පොඩ්ඩක් කලු වුණා. මට නම් පේන්නෙම සජානි කට්ලට් කන්න කැමතියි වගේ. කමක් නෑ. සජානි කිව්වෙම මට කට්ලට් කන්න කියලා. මමත් වැඩේ ඇතෑරලා දැම්මා. හැබැයි අපේ මිත්‍ර වේටර් කියන පරක්කුවට අපේ ආහාර එකින් එක මේසේ උඩ ගෙනත් තියන්න ගත්තා. විනාඩි 5-10 අතර කාලයක් ගත වෙන්න ඇති අපට ප්‍රමාදයක් නොදෙනන ගණනට ආගන්තුක සත්කාරය ලැබෙන්න පටන් ගත්තා.

මෙතන සජානි වගේම මම අමාරුවෙ වැටුණ තැනක් තිබුණා. අපි අර ඇණවුම් කරපු සුප් දෙකින් එකක් අපි කවදාවත් රස විදලා තිබුණෙ නැහැ. අඩුම මේක ඇණවුම් කරන්න කියාගන්නෙ කොහොමද කියලා අපි දන්නෙත් නෑ. ඔයාලා මේ අපි කන කෑම ගැන බලන් ඉඉන්න නිසා නොදන්න කෑමක් වුණත් රස විදලා ඒ ගැන ඔයාලට කියන එකනේ අපේ වගකීම. දන්නවද ඒ නම Mulligatawny soup සජානි මගෙන් අහනවා. මම සජානිගෙන් අහනවා. අවසානේ අපි වේටර් මල්ලිගෙනුත් ඇහුවා මල්ලි මේකෙ නම කියන්නෙ කොහොමද කියලා. ඔයාලා සමහරු නම් මේ සුප් එක කලින් බීලා ඇති නමුත් අපි දෙන්නට මේක ආගන්තුකයි. නම කියාගන්නත් බැරිවුණා.  දකුණු ඉන්දියානු සම්බවයක් තියෙන සුප් වර්ගයක්. Thambun Hodi Rasam ගැන නම් කියන්න ඔන නැහැනේ. 

  • දෙහි යුෂ සමග කරපිංචා: රු 240

කරපිංචා පානය අපිව කුල්මත් කළා කිව්වොත් නිවැරදියි. දෙහිත් එක්ක මිශ්‍රවෙලා එන රස ම්ම්ම්ම්ම් කියලා වැඩක් නෑ. බීලාම බලන්න ඔන.  ක්ලොස්ටරෝල් අඩු කරන කර පිංචා මේ විධියටත් තමන්ගෙ ආහාරයට එකතු කරගන්න එක කොච්චර හොද වැඩක්ද අපි කරපිංචා පානය කරන ගමන් මතක් කළා.

https://lh4.googleusercontent.com/xIc2_iFpDWIV7vIAK_TMUtgalRzW_NmhtfFSG30Do7QIo1l-3h3A1z-SU5pHlH2vfbSA9_CFEZoRN9mkNQVxoKCWQkTWTneEmRi-a7A0n6Zip8SYqKLqDbKTzPlowkqK7zCBeLJO

  • වැල්දොඩම් යුෂ පානය ( පැෂන් ෆෘට්)  රු 275

මේක මගේ තේරීම. ගම මතක් වෙලා. ගමේ වැල්දොඩම් වැල් මතක් වෙලා මම මේක ඇණවුම් කළේ. සජානිටත් නැන්දගෙ පැෂන් ෆෘට් වැල මතක් කළේ මගේ මේ තේරීම. කොහොමද රස කියලා මම වැල්දොඩම් පානය කළා. මට නම් තව පොඩ්ඩක් වැල් දොඩම් වැටෙන්න ඔන කියලයි හිත කිව්වෙ. ප්‍රාර්ථනා කළ රසම තිබුණෙ නෑ. ඒත් වරදක් නෑ.

https://lh3.googleusercontent.com/sp6Wfn7Z-RWc2V8fyN5e3bU4FreOj5oveEapFYVLCnPWW1GtHDWB6yIS1xYLunaa31L5jRrQKy0fSQ3y00FxwdrfM7nyQPM_dFbdQf1LmH3hT5jLGg1y8KyQmbzf2QzGwHFC_tYF

හැබැයි අපට මේවා පානය කරන්න දුන්න බට  ඉවත ලන කඩදාසි ඒවා. සජානි මාත් කියන්න ගත්තා මේ කඩදාසි බට වෙනුවට ලෝහ හෝ උණ බට වගේ දේවල් යොදා ගත්තා නම් එය කොතරම් හොදද කියලා. උපාලිස් එක මේක දැක්කොත් ඒකෙත් වෙනසක් කරන්න බැරි නෑ. අපි දැක්කා තැඹිලි වගේ දේවල් වුණත් ගෙඩිය පිටින් පිළිගන්වනවා. ඒත් කඩදාසි බට එක්ක.

  • තැම්බුම් හොදි රසම් රු 325 යි 

මේක මරේ මරු නේද ? මම සජානිගෙන් ඇහුවේ ටිකක් විතර දැවිල්ලක් තිබුණත් රසම් ඒකේ රස නම් අපට කියලා නිම කරන්න බැහැ. ඒ නිසා ඒක අතාරින්න හිතෙන්නෙත් නෑ.

https://lh5.googleusercontent.com/mEyltn3WMm67hTAUlT8ZTwEMyqv8LthIXR7nkopqGCacx1Lr6dBcSLkAskTjUcaWwIzmWq5X1hGkWhUklK1fuMQAP5_um2kjoySM_V1Y8yvtLfhotgRBZaB2QUlHnMNmaE4C05Uv
  • මුල්ලිගටව්නි සුප් රු 325 යි 

අර අපි නමවත් කියාගන්න දැන්නෙ නැතිව ඇණවුම් කළ සුප් එක. කෑම වට්ටෝරු පොත් පිංචෙ ඒ ගැන තිබුණේ සියඹලා, දෙහි යුෂ, රතු පරිප්පු සහ පොල් කිරි දාලා හදනවා කියලා. හැබැයි පිළිගන්වද්දි එය කොළ පැහැයක් ගෙන තිබුණා. කරපිංචා හෝ ඊට සමාන දෙයක් වැටෙන්න ඇති කියලයි මම උපකල්පනය කළේ. මාරයි නේ. මගේ පළමු රස විදීමම ඒ තරම් හිතට අල්ලලා ගියා. නිකමට වගේ අපි කිව්වට ඔයාලාත් රස විදලා බලන්න.

https://lh6.googleusercontent.com/S8AfXKa0xRyYfiYBlogWwbPXPXu5iBovGSmoSZs0_YvAfM-VobqUrCEY2Vz7XDMKrThZ8Ula30yLII_Hgnpxm5R297jxEeQ2dC3refqVwUZsN2MkxMc6P2IH_OjHm6Vv0cXqnnNw

මේ සුප් දෙකත් එක්ක රෝස්පාන් පෙති 4කුත් හමුවුණා. ඒ රෝස්පාන් පෙති ගොඩක් ලොකු ඒවා නෙමෙයි. නමුත් සුප් එකත් එක්ක රහට රහ ගැලපුණා.

  • තෙප්පරාදු කළ බත් රු 325 යි 

එළවළු ගිතෙල් සමග ලූණු සහ කරපිංචා සමග මෙම තෙම්පරාදුව දමා තිබුණා. බඩ ගිනි නිවීමට දෙන්නෙකුට උවද මෙම එක් ඇණවුමක් ප්‍රමාණවත්. අපි දෙන්නට ඇති වෙනවා කියන්නෙ ඔයලාට අනිවාර්යයෙන්ම ප්‍රමාණවත් වෙයි. මේ විධියට ලියලා තියෙනවා දැක්කම සජානි ඊළග පාර මාත් එක්ක ඒනවද කියලත් සැකයි. හිහිහිහිහි .

https://lh6.googleusercontent.com/8OhNi6v_B_buJKRoaOmH6OKHc4deySCpRbYiEwN2buRYhxUfYA6JaHJIh9AU04oZW_O-c7Mh9AI1qCAYf7or12aAtd4jCwNJABip1tGFkyVkodumeZD7S5C1_phe_pw9qHQWZnfg
  • කොස් ඇට කළුපොල් මාලුව රු 550

ශ්‍රි ලාංකේය රස දැනෙන කළු කොස් ඇට මාලුව පුදුම රසයක්. කොළඹ 07 සුපිරි අවන්හලක ඉදන් ගමට ගිහිං පිලක වාඩිවෙලා බත් කනවා වගේ හැගීමක් වුණත් මේ ව්‍යාංජනය එක්ක නියමෙට යනවා. උපාලිස් එකත් ඒකේ රස රකින්න ගොඩක් වෙහෙසවෙන්න ඇති කියලා අපට හිතුණා. මරු. මරේ මරු. 

https://lh4.googleusercontent.com/bSlQS89-XEGNHwO7RhYwB6_gYW12Cfe8j7HOjiwxmpxGKIiG9nX35gtF7-OCQgMtNYoKB8N7SRRM3_-HNvknjB7pPj3pun-Ysq4mJeg2FtvGvtyvImDbENfjA2O41PH-ZCank3fr
  • කජු සුදට උයලා රු 710

කජු සුදට කිව්වට අනේ කහ පාටට බැබලි බැබලි තිබුණා. කජු මාලුව නැතිනම් කජු ව්‍යංජනය කියන මේ කෑම ඔයාලා කාලා තියෙනවා. අපේ කෑම තවත් රහ වුණා. ගස් කජු ගණන් නිසා ව්‍යංජනෙත් ගණන්. හැබැයි දෙදෙනෙකුට සෑහෙන්න. ඇතිවෙන්න කජු. කොහොමද ඒක.

https://lh3.googleusercontent.com/VNVJ5lDteLFllMLvxkSFh-zAxOSUJVdTfeR0c6wDa-U3Fx5JvGtgBle7XhBRlcHi3nhw5WMwdeqHOnQQcLe4KhF8hnE2lF5evS0YKmEUlAJzAehRE1PDNgBuBG9F59MVQxq5Hsus
  • බිම්මල් බැදුම රු 475 

බිම්මල් බැදුම ගැනත් වැඩිය මොකුත් කියන්න ඔ්න නෑ. හැපෙන්න හැපෙන්න අර ආස කරන බිම් මල් බැදුම හොදටම තිබුණා. දෙන්නෙකුට ප්‍රමාණවත් මේ එක් ඇණවුම. බැදුමේ මාලු මිරිස් ගොඩකුත් තිබුණා.සජානි නම් මාලු මිරිස් කන්න බෑ කිව්වා. හැබැයි බිම් මල් ටිකට නම් අපි දෙන්නම කෑම අවසන් කරලත් වගකිව්වා හොදට.

https://lh5.googleusercontent.com/YW0r0uIqWF-DnR0MVYItwT1XUjgt1n9sAfoyJKeRAusUoRZ5dU-Q2F13T8BX2fPZ4OsCbp_pb5p_hebcGqpbQBqjA0rnJ2sT5wzp2Zi2_z_PsVRXN87C-x71CusHaz9uIMzNqR9G
https://lh6.googleusercontent.com/rE4gqfvWsT9YiOs8IzBTF6gl8agv0tRXG1am9IgzA5if-zYCpe6yCGtSkM42qjhxihNEHNw3Ikjd1gzBgELYBJOpR35EvjWn55PeEy_S1DTCsF3BmdgmBsT3wwv9EEqiSCBIajE5

මේ කෑම එක්ක අපට පපඩම් සහ බැදපු මිරිස් කරල් ටිකකුත් ලැබුණා. අතුරුපසකට යන්න උවමනා වුණත් ශ්‍රි ලාකේය හැඩයේ අතුරු පස ඒ කෑම වට්ටොරු පොතේ තිබුණෙ නැහැ. මම එහෙම කිව්වෙ අර හැලප , පැණි වළලු වගේ ඒවා ගැන. නමුත් වීගන් අයට කන්න පළතුරු සැලඩ් වගේ ඒවා තිබුණා. අවසානයේ හකුරු කෑල්ලක් කාලා තේ එකකුත් බීලා අපි දෙන්නා අදට කතාව නතර කරන්න හිතුවේ. 

මේ අතරෙදි සිංගප්පුරුවෙ වගේද ලංකාවේ වගේ කතා තමයි මම සජානිට කියන්නෙ. සජානිත් මෙහෙම හිටියට මරු කතා කියනවා. ඒ කතා අහන්න නම් ඔයාලාත් දවසක Meatless Monday Sri Lanka Team එක මුණ ගැහෙන්න ඔන. සජානි කොච්චර සුවිසල් කෙනෙක්ද කියලා ඔයලා දැක්කම පුදුම වෙයි. මෙහෙම කාලා ඇතිදවගේ හැගීම් දැනෙයි.  

මම යෝජනාවක් දැම්මා අපේ ලොකු තැනටත් අපි දෙන්නා ඔයාලව වීඩියෝ එකකින් හමුවෙන්නද කියලා. සජානි පොඩ්ඩක් විතර ලජ්ජයි ලජ්ජයි වගේ. මගේ නම් ඒ නහරේ කපලා ගොඩක් කල්. ඒ නිසා මගේ මුණත් තහඩුව සමහරු දන්නවා. නොදන්න අය නොදන්න තරමටමයි හොදයි.

Vegan කෑම කන්න. අපි මේ කියන්නෙ ඔයාලගෙ හොදට. අපි ඒකෙ තියෙන වටිනාකම Meatless Monday Sri Lanka facebook page ඒකෙන් නිතර කියනවා. වෙබ් අඩවියට ඇවිල්ලත් අපේ වැඩ බලන්න පුළුවන්. කෑම කාලා දැන් ඔෆිස් එකට බඩ තද කරගෙන යන්නෙ. සජානි නම් දොයි. මම ඇහැරවලා ඔෆිස් ඒක ලගින් බස්ස ගත්තෙ නැත්නම් සජානි ටැක්සි අයියා ඒක්ක කොහේ යයිද කවුද දන්නෙ දෙයියනේ. 

ජය සුබ දවසක් ! ඔබට ! 


by

Tags: