සෞඛ්‍යසම්පන්න සහ මානුෂිය ශ‍්‍රී ලංකාවක් උදෙසා

භාග්‍යා වික‍්‍රමසිංහ

නිර්මාංශ ආහාරවේලකට අනුවර්තනය වීම යනු හුදු ආහාර වේලකට හුරුවීමට වඩා පරිභෝජන රටාවකට හුරුවීමක් බව කිව හැකිය. ශාඛ පදනම් වූ ආහාර රටාවකට හුරුවීම හේතු කිහිපයක් නිසා සිදුවිය හැක්කකි. ශ‍්‍රී ලංකාව යනු වෙනස් වූ සංස්කෘතීන්, ආගම් හා වටිනාකම්වලින් සමන්විත වූ සමජයකින් සැදුම් ලද්දකි. එමෙන්ම වගකීම්සහගත ජීවිතයක් ගතකිරීම සහ කරුණාවන්තවීම වූ කලී අපගේ රටට අලූත් සංකල්පයක් නොවේ. ඒ නිසාම, කෘෂිකර්මය කේන්ද්‍රගතවූ ශ‍්‍රී ලංකාව වැනි රටකට නිර්මාංශ ආහාර රටාවකට අනුවර්තනය වීම යනු ඉතාම ස්වභාවික දෙයකි. ඒ අනුව බලන කල Meatless Monday ව්‍යාපාරය, සතියකට එක් දිනක් මාංශවලින් තොර ආහාර පරිභෝජනයක් සඳහා ජ්‍යාත්යාන්තර මට්ටමින් ගෙන ඇති දවැන්ත පියවරකි. එමෙන්ම, එමගින් සත්ව සුබසාධනය ප්‍රවර්ධනය කිරීම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම ද ක‍්‍රමානුකූලව සිදුවන අතර සෞඛ්‍යාරක්ෂිත ජීවන රටාවක් සඳහා ශ‍්‍රී ලාංකික ජනතාවට ගත හැකි කි‍්‍රයාමාර්ගවලට අවතීර්ණ වීම ද සිදුවේ. 

ශාඛ මූලික ආහාර රටාවකින් ලැබෙන ප‍්‍රතිලාභ

එක්වරක් ශාඛ මූලික ආහාර රටාවකට හුරුවීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ බොහොමයකි. සතුන් ආරක්ෂා කිරීම, සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර පුරුදුවලින් ඉවත් වීම මගින් සෞඛ්‍ය ඉහළනැංවීම, වගකීම්සහගත සමාජයක් නිර්මාණය වීම, පරිසරය ආරක්ෂා කිරීමට දායක වීම හා කාලගුණික විපර්යාසවල බලපෑම්වලට අනුවර්තනය වීම මෙන්ම සතියකට එක් දිනක් හෝ මාංශවලින් බැහර වී ශාඛ මූලික ආහාර රටාවක් පවත්වාගෙන යාම තුළින් සෞඛ්‍යයට ලැබෙන ප‍්‍රතිලාභ සහ තවත් බොහොමයක් ඒ අතර වේ. 

Meatless Monday ව්‍යාපාරය මගින් සිදුවන ඍජු බලපෑම් හා ප‍්‍රතිලාභ වන්නේ ප‍්‍රධාන ලෙසම සත්ව සුබසාධනය වෙනුවෙන් මානව සමාජය කි‍්‍රයාකාරීව දායක වීම ය. ශාක මුලික ආහාර රටාවකට හුරුවීම, පරිසරයට සහ දේශගුණික විපර්යාස සඳහා හේතුවන පාරිසරික හේතු වෙත විශේෂ බලපෑමක් කරන බව විශේෂඥයන්ගේ මතය වී තිබේ. ඔවුන් පවසන පරිදි පුද්ගල වශයෙන් මාංශ පරිභෝජනය අඩුකිරීම මගින් දේශගුණික විපර්යාසවලින් සිදුවන පීඩාකාරී බලපෑම් අවම කිරීමට තනි තනිව වුවද සපයනු ලබන්නේ සුවිශේෂී දායකත්වයකි.

මාංශ අනුභවය අඩුකිරීම හා විමෝචනය අවම කිරීම

නිර්මාංශ වීමෙන් ලැබෙන පාරිසරික ප‍්‍රතිලාභ හා දේශගුණික විපර්යාස හමුවේ පරිසරයට එල්ල වන අහිතකර බලපෑම පිළිබඳ  CANSA හි ප‍්‍රතිපත්ති හා උපදේශන සම්බන්ධීකාරක වොෂිතා විජේනායක මෙනවිය අදහස් දක්වමින් පැවසුවේ ”සත්ව ගොවිපළවල් දේශගුණික විපර්යාස කෙරෙහි සුවිශේෂී බලපෑමක් එල්ල කරන බවත් හරිතාගාර වායු විමෝචනයට  ප‍්‍රධාන ලෙසම දායකත්වයක් සපයන බවත්ය.  Meatless Monday වැනි වැඩසටහනට මෙම තත්තවය දේශීය වශයෙන් වෙනස් කිරීමේ සහ ගෝලීය මට්ටමින්ද වෙනස් කිරීමේ හැකියාව ඇත. ඒ වගේම ඒ තුළින් දේශගුණික විපර්යාස ගැටලූ පිළිබඳ මහජන කතිකාවතක් ගොඩනැංවීම සඳහා සහයවීමට හැකියාව ලැබෙනවා. පශුසම්පත් කර්මාන්තය මගින් ස්වභාවික සම්පත් අනවශ්‍ය ලෙස වැයකිරීමක් සිදුවෙනවා වගේම වාතයේ සහ ජලයේ ගුණාත්මක බව, සහ වන විනාශයේත් කොටස්කරුවකු බවට එය පත්වෙනවා.”

”මෙම කි‍්‍රයාකාරකම්වල බලපෑම, පරිසරයට බලපා ඇති විෂම චක‍්‍රයේ කොටසක්. ඒ වගේම කාලගුණික විපර්යාසවල අහිතකර බලපෑම් ඇතිකිරීමටත් එය දායකත්වය දක්වනවා. පශුසම්පත් කර්මාන්තයෙන් බැහැරවීමෙන් සහ මාංශ පරිභෝජනය අවම කිරීමෙන්, දේශගුණික විපර්යාස ගැටලූ විසඳීම සඳහා කි‍්‍රයාකිරීමට සහය වෙනවා.” යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

සෞඛ්‍යසම්පන්න ජීවන රටාවකට හුරුවීම 

වත්මන් ලෝකයේ කාර්යබහුල ජනතාව සෞඛ්‍යසම්පන්න ආහාර පුරුදු සහ පෝෂණය පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකරයි. මාංශ ආහාර අඩුකිරීම සඳහා නිවැරදි ආහාර පුරුදුවලට හැඩගැසිය යුතු වේ. මාංශ ආහාර පරිභෝජනය අවම කිරීමෙන් විවිධ ප‍්‍රතිලාභ ලැබේ.

ක‍්‍රීඩා හා සාමය, අධ්‍යාපන, සවිබලගැන්වීම හා සංවර්ධනය පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන සභාපති ප‍්‍රියන්ත පතිරණ මෙසේ පැවසුවේය. ”වත්මන් සමාජයේ ප‍්‍රජාව ඔවුන්ට අහිතකර, සෞඛ්‍යසම්පන්න නොවන ජීවන රටාවන්ට හුරු වී සිටිනවා. එමගින් ඔවුන්ගේ කායික කි‍්‍රයාකාරකම් අඩු කරනවා වගේම ආහාර පරිභෝජන ක‍්‍රම පවා වෙනස් කරනවා. මාංශ ආහාර පරිභෝජනයෙන් යමකුගේ තරබාරු වීම, කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ දැමීම සහ හෘදයාබාධ සඳහා බලපෑම් කරන බවට තහවුරු වී තිබෙනවා. මෙම තත්වය ශාරීරික ව්‍යායාම අඩුවීම යන ගැටළු සමග එකතු වූ විට සෞඛ්‍ය සම්පන්න නොවන ජනගහනයට මං පාදනවා වගේම සෞඛ්‍ය ගැටුවලින් පීඩාවිඳීමට ද හේතුවෙනවා. එය දරුවන්ටත් පොදුයි. නිවැරැදි පුරුදු තුළින් සෞඛ්‍යසම්පන්න ජීවන රටාවකට හුරුවීම සහ මාංශ අවම ආහාර වේලක් ගැනීමෙන් සිදුවන්නේ සෑම ආහාරවේලක් පිළිබඳවම අවධානය යොමුකිරීමට හුරුවීමයි. එමගින් ඇතිවන තවත් යහපත් කරුණක් වනුයේ එක් අයකුගේ ආහාර රටාව වෙනස්වීම තුළින් ඇතිවන සංවර්ධනය මගින් මුළුමහත් සමාජයකම පුද්ගල සංවර්ධනය ඇතිකිරීමට ද හැකියාව ලැබීමයි.” 

මෙම ප‍්‍රතිලාභ මගින් ශාඛ මුලික ආහාර රටාවකට හුරුවීමේ තිරසාර වටිනාකම පෙන්නුම් කරන අතර, එය අනාගතයේදි වඩාත් හොඳ ලෝකයක් බිහිකිරීම සඳහා මේ මොහොතේ ගන්නා වඩාත් ඥනාන්විත පියවරකි. ඒ අනුව බලන කළ,   Meatless Monday ව්‍යාපාරය, මිනිසාට මෙන්ම සතුන්ට ද ප‍්‍රීතිමත්, සෞඛ්‍යසම්පන්න, කාරුණික සමාජයක් බිහිකිරීම උදෙසා ඇති හොඳම මාර්ගය වනු ඇත. 


Posted

in

by

Tags: