සදුදා දවසට හෝ නිර්මාංශවීමෙන් ලෝකයේ තිරසාර පැවැත්ම වෙනුවෙන් අප එක් පියවරක් තබනවා – ස්ලයිකැන් භාරයේ විධායක අධ්යක්ෂිකා වොසිතා විජේනායක මහත්මිය.

අන්තර් ජාතික වශයෙන් ක්‍රියාත්මක නිර්මාංශ සදුදා (Meatless Monday) ව්‍යාපෘතිය ලංකාවට හදුන්වාදීම ඔස්සේ අලුත් මුහුණුවරකින් තිරසාර ජීවන රටාවකට හුරුවීමේ කථිකාවතක් ඇති කිරීමට අප පෙරමුණ ගෙන තිබෙනවා යැයි ජාත්‍යන්තර මානුෂවාදී සංවිධානයේ (Humane Society International) ශ්‍රි ලංකා අධ්‍යක්ෂිකා සහ ස්ලයිකැන් (SLYCAN) භාරයේවිධායක අධ්‍යක්ෂිකා වොසිතා විජේනායක මහත්මිය පැවසුවාය.

නිර්මාංශ සදුදා ව්‍යාපෘතිය ගාල්ල ලයිට් හවුස් හෝටලයේ පසුගිය (29) දා සවස සංවිධානය කරතිබු නිර්මාංශ තේ සාදයට එක්වෙමින් ඇය මේ බව සදහන් කළාය.

අධික ලෙස ඉන්ධන දහනය මෙන්ම තනි තනි වශයෙන් දෛනිකව අප සිදුකරන ක්‍රියාකාරකම් දේශගුණික විපර්යාස සදහා බලපානවා. එවැනි අභියෝගයකට මුහුණ දීමට නම් සෑම පුද්ගලයෙක්ම මානුෂවාදි ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් දැනුවත් විය යුතුයි.

ජාත්‍යන්තර මානුෂවාදී ව්‍යාපතීය (HSI) සහ ස්ලයිකැන් භාරය (SLYCAN)  තිරසර ජීවන රටාව වෙනුවෙන් මෙරට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අතරින් තවත් එක් ව්‍යාපෘතියක් ලෙස නිර්මාංශ සදුදා ව්‍යාපෘතිය පවත්වාගෙන යනවා.

විශේෂයෙන්ම අන්තර් ජාතික වශයෙන් ක්‍රියාත්මක නිර්මාංශ සදුදා (Meatless Monday) ව්‍යාපෘතිය ලංකාවට හදුන්වාදීම ඔස්සේ අලුත් මුහුණුවරකින් නිර්මාංශ ජීවන රටාවකට හුරුවීමේ කථිකාවතක් ඇති කිරීමට අප පෙරමුණ ගෙන තිබෙනවා. ඒ අනුව සදුදා දවස හෝ නිර්මාංශවීමෙන් අප සිදුකරන්නේ ලෝකයේ පැවැත්ම වෙනුවෙන් එක් පියවරක් තැබීමයි.

විශේෂයෙන් පසුගිය කාලයේදී ජාතික හා පළාත් මට්ටමින් අප තිරසාර ජීවන රටාව පවත්වාගෙන යාම වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒ වගේම කොළඹ ගුඩ් මාර්කට් තුළ ඊට සැබැදි ව්‍යාපෘතියක් අප දැනටමත් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

දකුණ පළාතේ ජනතාවට පළමු වතාවටයි අප නිර්මාංශ සදුදා පණිවුඩය රැගෙන ආවේ. ඒ අනුව දකුණේ ජනතාවත් මෙම ව්‍යාපෘතියට ඉදිරියේදී සම්බන්ධ කර ගැනීමේ අරමුණ අපට තිබෙනවා.

තිරසාර ජීවන රටාවක් වෙනුවෙන් වැඩමුළු සංවිධානය කිරීම, නිර්මාංශ ආහාර පිළියෙල කරගැනීමේ උපදේශන සේවා ලබාදීම, තිරසාර ආහාර වට්ටෝරුවක් සකස් කර ගැනීම පිළිබදව ජනතාව දැනුවත් කිරීම, සංචාරක හෝටල්වල මෙම වැඩපිළිවෙල ප්‍රචලිත කිරීම ඇතුළු වැඩසටහන් රැසක් අපට ක්‍රියාත්මක කළ හැකියි.

අප ඉලක්කය වන්නේ තිරසර ජීවන රටාවකට හුරුවන පිරිස වැඩි කර ගැනීමයි. ඒ නිසා ගාල්ලෙ මෙම මෙම වැඩසටහනට විශාල පිරිසක් එක්වීමෙන් දකුණේ ඒ සදහා තිබෙන උනන්දුව පැහැදිලි වෙනවා යැයි ඇය පැවසුවාය.

පර්යේෂණ අධ්‍යක්ෂිකා (නීතිය හා ප්‍රතිපත්ති) නීතිඥ භාග්‍යා වික්‍රමසිංහ මෙනවිය.

නිර්මාංශ ආහාරවේලකට හුරුවීම කියන්නෙ අපගේ පරිභෝජන රටාවේ බෙහෙවින් සුදුසු තෝරාගැනීමක්. ශාක පදනම් වු ආහාර රටාවකට හුරුවීමෙන් අපේ ජීවිතයට මෙන්ම අප ජීවත්වන පරිසරයටත් ලැබෙන වාසි රැසක් තිබෙනවා. සත්ව  කරුණාව  අපගේ රටට ආගන්තුක සංකල්පයක් නෙමෙයි. ඒ වගේම කෘෂිකාර්මික රටක් ලෙස අපට නිර්මාංශ ආහාර රටාව ස්වාභාවිකවම ඉතා සමීප දෙයක්. නිර්මාංශ සදුදා (Meatless Monday) ව්‍යාපෘතිය සතියකට එක් දවසක් මාංශවලින් තොර ආහාර පරිභෝජනය ප්‍රචලිත කිරීමේ ලෝක ව්‍යාපෘතියක්. මෙම වැඩසටහන ඔස්සේ සත්ත්ව සුබසාදනය, හරිතාගාර වායු විමෝචනය අවම වීම, සෞඛ්‍ය ආරක්ෂිත ජීවන රටාවකට හුරුවීම ස්වභාවිකවම සිදුවන්නක්. ඒ නිසා ශ්‍රි ලංකාවේ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක දැනටමත් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය දකුණු පළාතට හදුන්වාදීම අද සිදුවෙනවා. ඒ අනුව නිර්මාංශ සදුදා (Meatless Monday) වැඩසටහන ගාලු දිස්ත්‍රික්කයේ ජනතාවට පළමුව සමීප කිරීමේ අදහසෙනුයි අපි අද මෙම නිර්මාංශ තේ සැදෑව සංවිධානය කරනු ලැබුවේ. මෙම වැඩසටහන ප්‍රචලිත කරමින් ඔබටත් අප සමග එක්වන්නැයි ආරාධනා කරනවා යැයි ඇය පැවසුවාය.

නිර්මාංශ සදුදා (Meatless Monday) වැඩසටහන් කළමණාකාරිනි ඉයන්ති කුලතිලක මෙනවියද මෙම අවස්ථාවේ අදහස් ප්‍රකාශ කළාය. ස්ලයිකැන් භාරය (SLYCAN) වෙනුවෙන් සම්බන්ධීකාරක නීතිඥ මලින්ත හල්කෙවෙල, නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂිකා බුද්ධිකා රණදීර මෙනවිය ඇතුළු නියෝජිත පිරිසක් සහ ගාල්ල නගරය හා ඒ අවට විද්වතුන්, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Posted

in

by

Tags: