නිර්මාංශ සඳුදා ශ්‍රී ලංකා – 2017

2015 වසරේදී ආරම්භ කරන ලද ‘නිර්මාංශ සඳුදා ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සීමා මායිම් අභිබවමින් ජාතික වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර මට්ටම දක්වා  ව්‍යාප්ත වෙමින් තිබේ. 2017 වසර නිර්මාංශ සඳුදා ශ්‍රී ලංකා ව්‍යාපෘතියට අතිශය සාර්ථක ප්‍රතිඵල ළගා කළ වසරකි. ඊට හේතු වූයේ නිර්මාංශ වීම හා මානුෂීය ජීවන රටාවකට හුරුවූ ශ්‍රී ලංකාවක් බිහිකිරීම වෙනුවෙන් එම වසරේදී මෙවැනි අරමුණු ඇති විවිධ සංවිධාන ගණනාවක් සමග සම්බන්ධ වී සහයෝගීතාවෙන් යුතුව විවිධාංගීකරණය කරන ලද විශේෂ අවස්ථා, ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් දියත් කිරීමයි.

2017 නිර්මාංශ සඳුදා වැඩසටහනේ දේශීය හා ජාතික මට්ටම දක්වා වන ව්‍යාප්තිය

නිර්මාංශ සඳුදා ව්‍යාපෘතියේ මෙම වසරේදී සිදුකරන ලද ප්‍රධානතම කටයුත්ත වූයේ මෙම ව්‍යාපාරය ජාතික මට්ටමට ඔසවා තැබීමයි. ඒ ආසියානු බෞද්ධ සත්ව අයිතිවාසිකම් පිළිබද සමුළුවේ දෙවැනි සැසිවාරය එම වස‌රේදී කොළඹ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමත් සමගය. මෙම සමුළුව සංවිධාන කරන ලද්දේ අනගාරික ධර්මපාල මානුෂීය පදනම, සත්වයන් සදහා වන ධර්ම හඞ (DVA) සහ නිර්මාංශ සඳුදා ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ඒකාබද්ධව ය. සමුළුවට සහභාගි වී සිටි සියලුමදෙනා වෙත සඳුදා සිට නිර්මාංශ වන බවට පොරොන්දුවක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කරමින් “නිර්මාංශ වීමේ ප්‍රතිඥාව” සිදුකිරීමට නිර්මාංශ සඳුදා ව්‍යාපෘතිය කටයුතු කළ අතර එය, මෙම සමුළුවේ විශේෂිත අංගයක් බවට පත්විය. ඒ අනුව පාසල් සිසුදරුවන් ඇතුළු ඊට සහභාගිවූවන් සියලුදෙනාම පාහේ මෙම ප්‍රතිඥාවට අත්සන් තැබූයේ අවම වශයෙන් සතියකට එක් දිනක් හෝ නිර්මාංශ වන බවට හා කිරි නිෂ්පාදන පරිභෝජනයෙන් බැහැර වන බවට පොරොන්දු වෙමිනි.

 “දේශගුණික විපර්යාස පිළිබද තරුණ සංසදය” (YFCC) එම වසරේදී පැවැත්වූ මීළග සුවිශේෂී අංගයයි. ඒ වෙනුවෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සහ දේශගුණ විපර්යාස පිළිබද මහලේකම් කාර්යාලය (CCS) සමග ඒකාබද්ධව කටයුතු කිරීමට නිර්මාංශ සඳුදා ව්‍යාපෘතියට හැකිවීම, ව්‍යාපෘති දිනදසුනෙහි සැළකිය යුතු අවධානයක් ලබාගැනීමට හැකිවූ සුවිශේෂී අංගයක් විය. මෙම ව්‍යාපාරය මගින් කරනු ලබන ක්‍රියාකාරකම් සදහා තරුණ ප්‍රජාවගේ් දායකත්වය සහ ඔවුන් නිර්මාංශ ජීවන රටාවක් වෙත අනුහුරු වීම කෙතරම් වැදගත් ද, එය දේශගුණික විපර්යාසයට බලපාන ආකාරය හා ඒවාට විසදුම් සෙවීමට තරුණ විද්වතුන් සහ වෘත්තීයවේදීන්ට සහය වීම පිළිබද දේශගුණික විපර්යාස පිළිබද තරුණ සංසදයේ දී අවධාරණය කෙරිණ. අඛණ්ඩව වසර දෙකක් තිස්සේ සාර්ථකව පැමිණි නිර්මාංශ සඳුදා ව්‍යාපෘතිය, ඔක්තෝබරයේ පැවැත්වූ ‘මීළග ශ්‍රී ලංකාව – නීල හරිත යුගයක්’ ප්‍රදර්ශනය හා සම්මේලනයේ අංගයක් ලෙස දේශගුණ විපර්යාස පිළිබද තරුණ සංසදය සංවිධාන කිරීමට දායකත්වය දැක්වීය. නිර්මාංශ වීමේ වැදගත්කම හා එමගින් නිෂ්පාදන ක්‍රියාවලියට කරන ලද බලපෑම, පාරිසරික වශයෙන් සිදුවන බලපෑම, පුද්ගලික සෞඛ්‍ය ආදී කරුණු පිළිබද වැඩි අවධානයක් යොමු කරමින් මෙම ජාතික තලයේ සුවිශේෂී අවස්ථාව වඩාත් සාර්ථක කරගැනීමට හැකිවිය.

සෙසු විශේෂ අවස්ථා සංවිධානය කිරීමේදී ඉස්මතු කෙරුණේ නිර්මාංශ සඳුදා පිළිබද පණිවුඩය තරුණ නායකත්වය පෙරදැරි කරගනිමින් සන්නිවේදනය කිරීමයි. ඒ සදහා “Youth4Youth” වැඩසටහන, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් සංවිධාන කෙරිණි. ‘තිරසර සංවර්ධනයක් සදහා තරුණ ප්‍රජාවගේ ඵලදායී දායකත්වය’ යන තේමාවෙන් යුතුව මෙම වැඩසටහන සංවිධාන කර තිබිණ. මෙරට රජයේ දැක්ම වූ ‘තිරසර යුගයක්’ යන්නෙහි එක් අංගයක් ලෙස හා “Peace Expo and Colombo Food Fest 2017”ට සමගාමීව මෙම අවස්ථාව සංවිධාන කර තිබුණි. නිර්මාංශ ජීවන රටාවක වැදගත්කම හා එමගින් තිරසර සංවර්ධනයක් කරා යා හැක්කේ කෙසේද? ඒ වෙනුවෙන් තරුණ ප්‍රජාවගේ දායකත්වය හා උපදේශනය ද යන ‘නිර්මාංශ සදුදා’ ව්‍යාපෘතියේ පණිවුඩය මෙම සුවිශේෂී අවස්ථාව තුළින් සන්නිවේදනය කෙරිණ.

නිර්මාංශ සඳුදා ශ්‍රී ලංකා-2017′ ව්‍යාපෘතියේ සුවිශේෂී අවස්ථා සහ ජාත්‍යන්තර වැඩසටහන්


නිර්මාංශ සඳුදා ව්‍යාපෘතියේ 2017 වසරේ සිදුවූ අන්තජාතික මට්ටමේ ව්‍යාප්තිය උදෙසා, තරුණ සමුළුව හා දේශගුණ විපර්යාස සදහා වූ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය (UNFCCC) ඒකාබද්ධව කටයුතු කිරීම මගින් ගෝලීය ‌මට්ටමෙන් මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට අතිමහත් දායකත්වයක් දැක්වීය. 13 වැනි තරුණ සමුළුව (COY13) නොවැම්බර් මස 2 වන හා 4 වන දිනවලදී ජර්මනියේ, බොන්හිදි පැවැත්වුණේ ‘Talanoa Mada- දේශගුණ ක්‍රියාකාරිත්වය කඩිනම් කිරීම සදහා තාරුණ්‍යය’ තේමාව ඔස්සේ ය. නිර්මාංශ ජීවන රටාවකට පුරුදු වීමේ අවශ්‍යතාව, දේශගුණ විපර්යාස වැළැක්වීම සදහා තිරසර ජීවන රටාවක වැදගත්කම හා නිර්මාංශ සඳුදා ව්‍යාපෘතිය පිළිබද දැනුවත් කිරීම අරමුණු කරගනිමින් ස්ලයිකැන් භාරයේ විශේෂ අවස්ථා සංවිධාන කර තිබිණ. ඊට අමතරව, 13 වැනි තරුණ සමුළුව අතරතුර, නිර්මාංශ සඳුදා ව්‍යාපෘතිය පිළිබද අධ්‍යාපනික හා ප්‍රවර්ධන ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කළේ ය. අපගේ කුටිය වෙත පැමිණෙන තරුණ ප්‍රජාව වෙත නිර්මාංශ සඳුදා ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය, දේශගුණ විපර්යාස සදහා විසදුම් සෙවීම, නිර්මාංශ ජීවන රටාවක වැදගත්කම, අර්ථාන්විත මානව පැවැත්ම හා රට තුළ මෙවන් ව්‍යාපෘති තවදුරටත් ක්‍රියාත්මක කිරිමේ වැදගත්කම යනාදි කරුණු පිළිබද දැනුවත් කොට ඔවුන් ඒ වෙනුවෙන් ධෛර්යමත් කිරීමට කටයුතු කෙරිණ.

හෝටල් සහ අවන්හල් ව්‍යාප්තිය

හෝටල් හා අවන්හල් සදහා වන වැඩසටහන මෙම ව්‍යාපෘතියේ වැදගත් අංගයක් ‌විය. මෙම වැඩසටහන මගින් අරමුණු කරන ලද්දේ නිර්මාංශ ආහාර වැඩි වශයෙන් සැකසීමට ඔවුන් ධෛර්යමත් කිරීම, සෙසු ආහාර මෙන්ම නිර්මාංශ ආහාර විවිධාංගීකරණයෙන් යුතුව ඉදිරිපත් කිරීමට සැලැස්වීම, පාරිභෝගිකයන් නිර්මාංශ ආහාර සදහා යොමුවීමට සැලැස්වීම යනාදි කරුණු පිළිබදවයි. අවන්හල් වෙත ඇදෙන පාරිභෝගිකයන් තරගකාරී ආහාර වර්ග අතරතුර වුවද නිර්මාංශ ආහාර වෙත. යොමුවන පරිදි බලපෑම්සහගතව කටයුතු කිරීමට 2017 වසරේදී අපිට හැකියාව ලැබුණි. මෙහිදී නිවෙස්වල සිට මෙම ව්‍යාපාර සදහා යොමුවූ සුලු පරිමාණ ව්‍යවසායකයින් මෙන්ම තරුපහේ හෝටල්, අවන්හල් වෙත ද ළගාවී මෙම ව්‍යාපෘතිය මගින් බලපෑමක් ඇතිකිරීමට අපිට හැකිවිය.

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් සමූහයේ පවතින ගෝල්‌ෆේස් හෝටලය හා ගල්කිස්ස මහහෝටලය සමග අපගේ සහයෝගීතාවෙන් යුතුව විශේෂ වැඩසටහන් ගණනාවක් ‌එම වසර තුළදී සාර්ථකව පැවැත්වීමට හැකියාව ලැබුණි. ප්‍රධානතම අංගයක් වූයේ ‘නිර්මාංශ සතිය’ වැඩසටහනයි. එමෙන්ම නිර්මාංශ රාත්‍රි බුෆේ ආහාරවේල ද මෙම වැඩසටහනේ දී සාර්ථක වූ තවත් උත්සහයකි. ස්වීඩන ජාතික සූපවේදී ටෝරා ඕල්සන් ‘නිර්මාංශ සතිය’ වැඩසහන වෙනුවෙන් ආරාධනා ලැබීය. ඇය විසින් නිර්මාංශ ආහාර සැකසීමේ වැඩමුළුව මෙහෙයවන ලදී. කාර්යබහුල ජීවිතයක් ගෙවන ඕනෑම අයකුට පහසුවෙන් නිර්මාංශ ආහාර වේල් සකසා ගන්නා ආකාරය පිළිබද ඇය කරන ලද වැඩමුළුව ඒ සදහා සහභාගිවුවන්ගේ ආකර්ෂණය දිනාගත් එකක් විය.

නිර්මාංශ සඳුදා ව්‍යාපෘතියේ තරගාවලි, ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් 2017 වසර පුරා පැවැත්විණ. එහිදී නිර්මාංශ ජීවන රටාවක් හා නිර්මාංශ ආහාර නිෂ්පාදනය ප්‍රවර්දනය වෙනුවෙන් පැවැති ප්‍රදර්ශන, සමාජ මාධ්‍ය තරගාවලි සදහා Vegan Sri Lanka, Fit Sugar, Smokey’s, the Vegan Kitchen’s Coffee Lounge ආදීන් විසින් වෙළෙද කුටි පවත්වාගෙන යමින් අප සමග සහයෝගීතාවෙන් කටයුතු කරනු ලැබීය.

සමාජ මාධ්‍ය ව්‍යාප්තිය

නිර්මාංශ සඳුදා ශ්‍රී ලංකා ව්‍යාපාරයේ සමාජ මාධ්‍ය ව්‍යාප්තිය වසරක් වසරක් පාසා වඩාත් ශක්තිමත් වෙයි. මෙම ව්‍යාපාරය ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් අාදී සමාජ මාධ්‍ය තුළ හා නිර්මාංශ සඳුදා බ්ලොග් අඩිවිය තුළ සක්‍රීය දායකත්වයක් දක්වනු ලබයි. 2017 වසර අවසානය වනවිට අපගේ ෆේස්බුක් පිටුව තුළ 7700ක පසුහඹන්නන් (Followers) එක්කරගැනීමට හැකිවිය. මෙම ව්‍යාපාරය මගින් සෑම සඳුදාවකම නිර්මාංශ ආහාර වේල් පිළිබද දැනුවත්කිරීම් හා අපගේ වැඩසටහන් පිළිබද යාවත්කාලීන කිරීම් ද සමාජ මාධ්‍ය තුළ මුදාහැරීමට කටයුතු කරනු ලබයි.

නිර්මාංශ සඳුදා ශ්‍රී ලංකා 2018 දැක්ම2017 වසරේ ලැබූ සාර්ථකත්වයත් සමග නිර්මාංශ සඳුදා ව්‍යාපාරයේ 2018 වසරේ ඉලක්කය වූයේ සෑම ‌අයකුම සතියේ සඳුදා දිනයේදී නිර්මාංශ ආහාර ගැනීමට පෙළඹවීමත් ඒ සදහා සක්‍රීයව දායක කරගැනීමත් ය. මෙම ව්‍යාපාරය ඒ වෙනුවෙන් නිර්මාංශ ජීවන රටාවකට ජනතාව අනුහුරු කරවීම සදහා විවිධාකාරයේ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළේය. තිරසර සංවර්ධනය, දේශගුණ විපර්යාස අවම කිරීම, සත්ව සුබසාධනය ප්‍රවර්ධනය මෙන්ම පුද්ගලික සෞඛ්‍යසම්පන්න බව වැඩිදියුණු කිරීමේ වැදගත්කම ආදිය පිළිබද මෙහිදී වඩාත් බලපෑම්සහගත සන්නිවේදනයක් කිරීම අරමුණ විය. 


Posted

in

by

Tags: