නිර්මාංශ ආහාර සැකසීම පිළිබඳ වැඩමුළුව 2017

සාරා රිස්වාන්

‘නිර්මාංශ සඳුදා’ (Meatless Monday) ශ‍්‍රී ලංකා ව්‍යාපෘතිය හා සලයිකැන් (SLYCAN) භාරය එක්ව සංවිධාන කරන ලද නිර්මාංශ ආහාර සැකසීමේ වැඩමුළුව කොළඹ, ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්විණ. සූපවේදී ටෝරා මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ඉතා පහසුවෙන් සැකසිය හැකි නිර්මාංශ ආහාර වර්ග ගණනාවක් පිළිබඳ මෙහිදී දැනගැනීමට ඊට සහභාගිවූවන්ට අවස්ථාව සැලසිණ. නිර්මාංශ ආහාර වට්ටෝරු ඉදිරිපත් කිරීමේදී සූපවේදී ටෝරා මහත්මිය එ්වාට යොදාගන්නා ද්‍රව්‍යවලින් ලැබෙන සෞඛ්‍යමය ප‍්‍රතිලාභ පිළිබඳව ද දැනුවත් කළේය. ආහාර සැකසීම සඳහා එම අවස්ථාවට සහභාගි වී සිටි පේ‍්‍රක්ෂකයන්ට ද අවස්ථාව හිමිවීමෙන් වැඩමුළුව වඩාත් සිත්ගන්නා සුළු වැඩසටහනක් බවට ද පත්විය.
වැඩමුළුවට සහභාගි වී සිටි අය අතර නිර්මාංශ මෙන්ම නිර්මාංශ නොවන අය බොහොමයක් ද ඇතුළත් විය. ඉතා කෙටි වේලාවක් තුළදි සුප්, ක‍්‍රැකර්, අතුරුපස ගණනාවක් නිර්මාංශව සැකසීමට හැකි බව දැන ඔවුන් ඉතා විස්මයට පත්වූ බව අප වෙත පැවැසීය. මෙම වැඩමුළුව හා නිර්මාංශ ශ‍්‍රී ලංකාවක් පිළිබඳ එහිදී සහභාගි වී සිටි පේ‍්‍රක්ෂකයන් අදහස් දැක්වූයේ මෙලෙසයි.
”මම ක‍්‍රැකර් හා හමස්වලට කැමතියි. මම නිර්මාංශ කෙනෙක්. මම නම් හිතන්නේ ශ‍්‍රී ලංකාවේදි නිර්මාංශ වීම ඉතා පහසුයි. හැම ව්‍යාංජනයක්ම, එළවළුවක්ම දිහා බැලූවමත් එ්ක හිතන්න පුළුවන්. අනික තමයි දැන් දැන් ගොඩක් නිර්මාංශ අවන්හල් බිහිවෙන ප‍්‍රවණතාවක් තියෙනවා” 
-ටීනා රස්ට්- ජර්මනිය
”මමත් ක‍්‍රැකර්වලට හුඟක් කැමතියි. මම නිර්මාංශ කෙනෙක් නම් නෙවෙයි, එ්ත් මම කැමතියි නිර්මාංශ ආහාරවලට.”
-කැතරිනා කෙයිල්-ජර්මනිය
”මේ කෑම නම් නියමයි. මම වසර දෙකක් පමණ තිස්සේ නිර්මාංශයි. නමුත් මේ වගේ කෑම ජාති මම මීට කලින් කාලා නැහැ. මේවා හරිම සෞඛ්‍යසම්පන්නයි වගේම ගොඩක් රසයි. මම කවදාවත් හිතුවේ නෑ නිර්මාංශ ආහාර මේ තරම් රසට කන්න පුළුවන් කියලා”
-ටෂෙල් රොබට්ස්-
”මම මේ වැඩමුළුවේදී ඉතාම විනෝද වුණා කිව්වොත් හරි. එ් වගේම අලූත් කෑම වට්ටෝරු ගණනාවක් ගැන ඉගෙනගත්තා. මම බලාපොරොත්තු වෙනවා මගේ අමුත්තන්ටත් මේ කෑම හදලා සංග‍්‍රහ කරන්න. විශේෂයෙන්ම පුංචි ක‍්‍රැකර් සහ පෝෂණ ගුලි. මම හිතන්නේ ලංකාවේ දී නිර්මාංශ වෙන එක ඉතාම පහසු දෙයක්. අවශ්‍ය වෙන්නේ ටිකක් ස්වයං විනයක් ඇතිකරගැනීම පමණයි. ආහාර ඉදිරිපත් කිරීමේ කලාවත් හරිම වැදගත් කියලා මට දැණුනා. මොකද මේවා දැක්කම කන්නමයි හිතෙන්නේ. මම ආසාවෙන් ඉන්නේ ඉදිරි වැඩසටහනටත් සහබාගි වෙන්න.”
-රෝහණ ජයරත්න-
”පළමු වතාවටයි අපිට නිර්මාංශ ආහාර පිසීම පිළිබඳ වැඩමුළුවකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ. කවදාවත් දැනගෙන හිටියේ නෑ නිර්මාංශ ආහාර මේ තරම් රසට හදන්න පුළුවන් කියලා. මම ඉදිරියේදී තවත් ගොඩක් නිර්මාංශ ආහාර වර්ග අත්හදා බලනවා. මම ගොඩක්ම කැමති අද සැකසූ පොල් තැවරූ චොකලට් බෝලවලට. ඒක ඉතාම රසවත් වගේම සෞඛ්‍යයටත් ඉතා හොඳයි.”
-යූසුෆ්-
”මේක මගෙත් පළමු අත්දැකීම. මම දැනගෙන හිටියා නිර්මාංශ ආහාරවල රස හරිම මෘදු මොළොක් බව. නමුත් මේක ඊටත් වඩා නියමයි. මම ඇත්තටම මේවා රසවින්ඳා”
-හරිනි-
නිර්මාංශ ආහාර සැකසීමේ වැඩමුළුව මගින් ඊට සහභාගි වී සිටි අයගේ ආකල්ප වෙනස් කිරීමට හැකියාව ලැබිණ. නිර්මාංශ ආහාර එ්කාකාරී හෝ නීරස යැයි යන සිතුවිලි පළමු ආහාර වට්ටෝරුව රස විඳීමෙන්ම වෙනස් කිරීමට මෙහිදී හැකිවිය. වැඩමුළුවේදී ආහාර පිළිගැන්වීම, රසය, සෞඛ්‍යමය ප‍්‍රතිලාභ, කෙටි කාලයකදී සැකසිය හැකිවීම හා ඉතා පහසු කෑම වට්ටෝරු හඳුන්වාදීම නිසාම මෙය ඉතා සාර්ථක හා ආකර්ෂණීය වැඩමුළුවක් බවට පත්විය. යම් අයකු ආහාරයක් රස විඳීමට හෝ නොවීමට පෙළඹවීම සිදුවන්නේ එය පිළිගන්වන ආකාරය බවට වැඩමුලූවට සහභාගි වී සිටි පිරිසට හඳුනාගත්තේය. සූපවේදී ටෝරා මහත්මිය ඇයගේ හැකියාවේ උපරිමය යොදවා 2017 නිර්මාංශ සතිය වෙනුවෙන් අතිමහත් වටිනාකමක් එක් කළේ මෙම වැඩසටහනේ සාර්ථකත්වයට නායකත්වය ලබාදෙමිනි. 

Posted

in

by

Tags: