එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් සංවිධාන කර ස්ලයිකැන් භාරය විසින් මෙහෙයවනු ලැබූ දින 4ක් පුරා පැවැත්වෙන #Youth4Youth සම්මන්ත‍්‍රණය නොවැම්බර් 28 වැනිදා අනුරාධපුරයේදී ආරම්භ කළේය. සෞඛ්‍යය පිළිබඳ අභිපේ‍්‍රරණ වැඩසටහනක් ලෙස පැවැත්වෙන මෙම සම්මන්ත‍්‍රණය උතුර සහ වයඹ පළාත්වල තරුණ ප‍්‍රජාව සහභාගි කරගනිමින් තරුණ ප‍්‍රජාව උදෙසාම පවත්වන ලද්දකි.  රජයේ සහ පෞද්ගලික අංශය සම්බන්ධ කරගනිමින් තරුණ ප‍්‍රජාව, තීරණ ගැනීම, සහභාගිත්වය හා තිරසර සමාජයක් ගොඩනැංවීම උදෙසා මෙම සම්මන්ත‍්‍රණය පැවැත්විණ. සම්මන්ත‍්‍රණය සඳහා 100 දෙනකුට අධික කාන්තා සහ පිරිමි භේදයකින් තොරව තරුණ තරුණියන් සහභාගි වී සිටියහ.
වඩාත් හොඳ සෞඛ්‍යයක සහ යහපැවැත්මක ඇති වැදගත්කම
මෙම සම්මන්ත‍්‍රණයේදී අරමුණු කෙරුණේ සෞඛ්‍යය සඳහා කායික හා මානසික සුවතාව කෙතරම් වැදගත්කමක් උසුලන්නේ ද යන්න පිළිබඳවයි. එහිදී විශේෂ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් සමාජ සාධාරණය විය යුතු ආකාරය පිළිබඳවද සාකච්ඡවට බ`දුන් විය. තිරසර සංවර්ධන ඉලක්ක (SDG) සපුරාගැනීම සඳහා යහපත් සෞඛ්‍යයක ඇති වැදගත්කම පිළිබඳවද මෙහිදී ගැඹුරින් අවබෝධ කරගැනීමට අවස්ථාව සලසා දී තිබිණ.    ආහාර නිෂ්පාදනය හා දේශගුණ විපර්යාස
තිරසර ජීවන රටාව යන්න මුළුමහත් දේශීය ආහාර පද්ධතිය තුළ නිෂ්පාදනය, කි‍්‍රයාවලිය, බෙදාහැරීම, ප‍්‍රවේශය, පරිභෝජනය සහ සම්පත්/කසළ කළමනාකරණය යන කරුණු සඳහා අයත් වන ආකාරය පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කළේය. දේශගුණ විපර්යාස සඳහා ආහාර නිෂ්පාදනය ප‍්‍රධාන ලෙසම දායකත්වය දක්වන ආකාරයත් ගෝලීය ආහාර නිෂ්පාදනය හේතුවෙන් 19-29% ක් හා කෘෂිකර්මාන්තයෙන් 25%ක් පමණ වන වායු විමෝචන තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡ කෙරිණි. එමෙන්ම හරිතාගාර වායු විමෝචනයෙන් 14.5ක ප‍්‍රතිශතයක් පශු සැපයුම් දාමය හේතුවෙන් සිදුවන බවටද මෙහිදී සඳහන් කෙරිණ.
ශ‍්‍රී ලංකාවේ මාංශ කර්මාන්තය
ගෝලීය වායු විමෝචනයේ ප‍්‍රධානතම විමෝචකයා හරිතාගාර වන බැවින් ඊට දායක වන කිරි හෝ මාංශ සඳහා සත්ව ගොවිපළ, ගව පාලනය යනාදි කරුණු පිළිබඳ මෙහිදී ග‍්‍රැෆික් නිර්මාණ ආශ‍්‍රියෙන් ඉදිරිපත් කළේය. ශ‍්‍රී ලංකාව තුළ නිර්මාංශ ජීවන රටා ප‍්‍රවර්ධනය වන ආගමික පසුබිමක් පැවතිය ද එය ද අභිබවමින් මෙරට මාංශ වෙළෙඳපොළ තුළ සියයට 70ක්ම ඉල්ලම ඇත්තේ කුකුල් මස්වලට ය. මාංශ පරිබෝජනය හේතුවෙන් පිළිකා ඇතිවීමේ ප‍්‍රවණතාව හා එය ඇතිවිය හැකි ආකාරය පිළිබඳව ද මෙහිදී සඳහන් කළේය.
ආහාර රටාව වෙනස් කිරීමේ අවශ්‍යතාව
ඔක්ස්ෆර්ඩ් මාර්ටින් වැඩසටහන මගින් ඉදිරිපත් කරන ලද අනාගතයේ ආහාර පිළිබඳ අධ්‍යයන වාර්තාවේ නිදසුන් ලබාගනිමින් අපගේ ආහාර රටා වෙනස් වීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කරන ලදී. මෙම අධ්‍යයනය මගින් හෙළිකළ 2050 දක්වා වන ආහාර රටා හේතුවෙන් වන වායු විමෝචන බලපෑම පිළිබඳ මෙහිදී කරුණු දැක්වීය. එළවළුමය ආහාර මූලික ජීවන පැවැත්මකින් ලැබෙන සෞඛ්‍යසම්පන්න බව, ශක්තිය හා 2050දී එමගින් 45%ක් පමණ වන වායු විමෝචනය අඩුවීම පිළිබඳ මෙහිදී අවධාරණය කෙරිණ. එමෙන්ම නිර්මාංශ ආහාර ගැනීම මගින් 2050දී ආහාර වායු විමෝචනයෙන් 55%ක් මුලුමනින්ම අඩුවනු ඇති බව ද එහිදී සඳහන් කෙරිණි. පවතින ආහාර රටාවන් නිර්මාංශ හා එළවළුමය ආහාර දක්වා වෙනස් කිරීමත් ව්‍යායාම කිරීමත් ඒවායින් ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳවත් ප‍්‍රවර්ධනය කෙරුණු අතර මෙතෙක් හුරුවී සිටින මාංශ බහුල ආහාර රටා තුළින් සෞඛ්‍යයට එල්ලවල අහිතකර බලපෑම ඳව ද මෙම සම්ම්නත‍්‍රණයේදී ගැඹුරින් අවධාරණය කෙරිණි.
නිර්මාංශ සඳුදා ශ‍්‍රී ලංකා ව්‍යාපෘතිය
ස්ලයිකැන් භාරය සහ ජාත්‍යන්තර මානවවාදී සමාජය සහයෝගීත්වයෙන් සිදුකරනු ලබන දැනුම්වත් කිරීමේ ව්‍යාපාරය පිළිබඳව ද මෙහිදී තරුණ ප‍්‍රජාව හමුවේ හන්වා දෙනු ලැබීය. නිර්මාංශ සඳුදා ශ‍්‍රී ලංකා ව්‍යාපෘතිය ඉලක්ක කරනුයේ මාංශ පරිභෝජනයෙන් මිහිතලයට සිදුවන අහිතකර බලපෑම පිළිබඳ ප‍්‍රවෘත්ති සාකච්ඡ, සංවාද මණ්ඩප ආදිය මගින් දැනුම්වත් කිරීමයි. එපමණක් නොව, රටේ පවතින පිළිගත් ආගමික හා සංස්කෘතික පසුබිම මධ්‍යයේ නිර්මාංශ ජීවන රටාවක් හා සත්ව සුබසාධනය අනාගත තිරසර ජීවන රටාවන්ට හා අනාගත ව්‍යාපෘති උදෙසා කි‍්‍රයාත්මක කළ හැකි බවද මෙහිදී අවබෝධයක් ඇතිකරන ලදී.
මානසික සෞඛ්‍යය, ආබාධිතබව හා සමාජ සාධාරණය
සෞඛ්‍ය උදෙසා මානසික සුවය, සමාජමය ඉච්ඡුාබංගත්වය, මානසික ප‍්‍රශ්න යන කරුණු වෙත අවධානය යොමුකරමින් ශ‍්‍රී ලංකාවේ වෙසෙන කායික හෝ මානසික ගැටලු පවතින පුද්ගලයන්, සමාජමය අපකීර්තියට පත්වීම්, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට පහසුකම් අවම වීම ආදී කරුණු පේ‍්‍රක්ෂකාගාරයට ඉදිරිපත් කළේය. එම කරුණු හේතුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක කරා යාමේ දී ඇතිවන බාධාවන් පිළිබඳ මෙහිදී අනාවරණය කෙරිණ. විශේෂයෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක -3 වඩා හොඳ සෞඛ්‍ය්‍ක් හා යහපැවැත්මක් යන කාරණයේදී මෙය අතිශයින් වැදගත් වේ.
2012 වසරේ ජනගහන හා නිවාස සංඛ්‍යාලේඛන දත්ත යොදාගනිමින් එහිදී අවධාරණය කළ තවත් කරුණත් වන්නේ අවුරුදු 5 සිට 19 දක්වා වන ජනගහනයෙන් 53%ක් පිරිමින් හා 47%ක් වන කාන්තාවන් මානසික හා කායික ආබාධිත බවින් පෙළෙන බවයි. ඔවුන් අධ්‍යාපන හා රැකියාවන්ට යොමුවිය නොහැකිව සිටින බවටද සඳහන් කෙරිණ. 62%ක් පමණක් අධ්‍යාපනය ලබන අතර 34%ක් පමණ වන ප‍්‍රජාවට කිසිදු අධ්‍යාපන විධිමත් අධ්‍යාපනයක් නොලැබේ. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතීන් සුරැකීම සඳහා නීතිමය කාලරාමුවක් ස්ථාපනය කිරීමේ වැදගත්කම ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාවේ 12 (01) උප වගන්තිය මගින් පෙන්වා දී තිබේ. ආබාධිත පුද්ගලයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම පිළිබඳ පනත සම්මත කරගන්නා ලද්දේ 1996දීය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයන්ගේ අයිතීන් පිළිබඳ සම්මුතිය ද 2016 පෙබරවාරි 8 වැනිදා ශ‍්‍රී ලංකාව අපරානුමත කරගන්නා ලදී. 
මීළඟ ගමන් මඟ 
දරුවන්ට සහ තරුණ තරුණියන්ට විශේෂ අවශ්‍යතාවලදී සමානාත්මකතාව සහ ප‍්‍රවේශවීමේ හැකියාවන්ට ඇති බාධක මෙහිදී හ`දුනාගැනුණේ නීති හා ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේදී ඇතිවී තිබෙන දුර්වලතා ලෙසයි. රටේ විශේෂ අවශ්‍යතා ඇති අය පිළිබඳ පවතින දත්ත හිඟතාවය, අපකීර්තිය,මිත්‍යාමත සහ ආබාධිත ප‍්‍රජාව පිළිබඳ ඇති දුර්මත හා දැනුවත්බාවය අවම වීම ද ඊට බලපා තිබේ. හොඳ සෞඛ්‍යයක් සහ යහපැවැත්මට අදාළ ඔවුන්ගේ ව්‍යාපෘති සංවර්ධනය කිරීමේදී මෙම සියලු බාධක බිඳදැමීම සඳහා ඔවුන්ගේ අවධානය යොමුකිරීමට ද මෙය අවස්ථාවක් විය. ලෝක ඔටිසම් දිනය වෙනුවෙන් සියලුදෙනා දැනුම්වත් කිරීම සඳහා ස්ලයිකැන් භාරය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන සමාජ මාධ්‍ය ව්‍යාපෘතිය මෙහිදී  පේ‍්‍රක්ෂකයන් විසින් නිර්මාණය කරන ලද ප‍්‍රජා නායකත්ව ව්‍යාපෘතිවල ඉහත සාධක ප‍්‍රවර්ධනය සඳහා යොදාගත හැකිය. මෙම සම්මන්ත‍්‍රණයේදී තිරසර සංවර්ධන ඉලක්ක -17 හි වැදගත්කම හා ඉලක්ක ජයගැනීමේදී සහයෝගීතාව යන කරුණු පිළිබඳවද අවධාරණය කෙරිණ. ශ‍්‍රී ලංකාව තිරසර සංවර්ධනයක් කරා යන ගමනේදී තරුණ නායකයන්ගේ අවශ්‍යතාව සහ තිරසර ප‍්‍රජා සංවර්ධනය සඳහා ඔවුන්ගේ සහයෝගීත්වය වෙනුවෙන් ජාලයක් ලෙස සන්නද්ධ වීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කරන ලදී.