නිර්මාංශ සඳුදා
ශ්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක කර ඇති නිර්මාංශ සඳුදා (Meatless Monday) ව්‍යාපෘතිය, ලොව පුරා දැනට අතිසාර්ථක ලෙස කි‍්‍රයාත්මක වෙමින් පවතින Meatless Monday ව්‍යාපෘතියේ තවත් ආකර්ෂණීය වැඩසටහනකි. මාංශ පරිභෝජනය අවම කිරීමේ හා සෞඛ්යාරක්ෂිත බව පිළිබඳ ජනතා අවබෝධය ඉහළ නැංවීම, පාරිසරික මෙන්ම ශාක මූලික කරගත් ආහාර රටාවකට හුරුවීමෙන් ලැබෙන ප්රතිලාභ පිළිබඳ දැනුවත් කිරීම ආදිය මෙහි මූලික අරමුණු වී තිබේ.
නවතම ඇතුළත් කිරීම්
තිරසාර අනාගතයක් උදෙසා සත්ව හිංසනයෙන් තොර, දේශගුණික හිතකාමී ආහාර ලොව පුරා වීගන් ජීවන රටාවකට යොමු වුන සහ ඒ සඳහා ඇල්මක් දක්වන පුද්ගලයන් විසින් මෙම වසරේදීත් නොවැම්බර් මස පළමු දිනයේදී "ලෝක වීගන් දිනය" සමරන්නට යෙදුනා. මෙම දිනය සැමරීම තුලින් සමාජය තුල වීගන් ජීවන රටාව කෙරෙහි අභිප්‍රේරනයක් ඇති කිරීම මූලික වශයෙන් අපේක්ෂා
සූර්ය තාපය මගින් අප ජීවත්වන පෘථිවිය උණුසුම් වන බව සැවොම දන්නා කරුණක් වන අතර ජීවීන්ගේ පැවැත්මට සූර්ය ශක්තිය අත්‍යවශ්‍යම සාධකයකි. පෘතුවිය වෙත පතිත වන සූර්ය කිරණයන්ගෙන් 90% ක්ම නැවත වායු ගෝලය වෙත පරාවර්තනය වේ. හරිතාගාර වායු එනම් කාබන් ඩයොක්සයිඩ් (CO2), නයිට්රජන් ඔක්සයිඩ් (NO3), ඕසෝන් (O3), මීතේන් (CH4), ජල වාෂ්ප (H2O)