වීගන් කඩේ – Vegan Kade මැන්ගො චියා පුඩිං (Mango Chia pudding)

නිර්මාංශ ආහාර සොයාගෙන යන අපි නිර්මාංශ ආහාර නිෂ්පාදන ගැනත් එකසේ උනන්දු වෙනවා. ඒ Meatless Monday Sri Lanka Team එක විධියට ඔයාලට හොදම දේ සොයාදෙන්න වෙහෙසෙන නිසා. 

Vegan Kade ට ඇවිත් UK වලින් ගෙනාපු Vegan නිෂ්පාදන මිලට ගන්න වගේ කියලා අපි කිව්වොත් ලංකාවේ වීගන් දේවල් නැතිවද බ්‍රිතාන්‍යයෙන් වීගන් නිෂ්පාදන ගෙන්වන්නෙ කියලා ඇතමෙකු ප්‍රශ්න නගන්නත් පුළුවන්. 

ඔව් ඇත්ත. නමුත් ඇතමෙක්ට ලංකාවේ වෙළදපොලේ ගන්න නැති වීගන් නිෂ්පාදන රස බලන්න උවමනා වුණාම විදෙස් රටවල වීගන් නිෂ්පාදන සොයාගෙන යන කෙනෙකුට ඇත්තටම වීගන් කඩේ වගේ තැනක් ඉතාම ප්‍රයෝජනවත් කියලයි අප කල්පනා කළේ. ඒ නිසා වීගන් කඩේ පොප් අප් සේල් එකක් තියෙන තැනකට ගිහිං එයාලා හදපු වීගන් අතුරුපසක රහත් බලලා ඒ ගැන විස්තරත් හොයාගෙන එන්න අප අමතක කළේ නැහැ. 

2019 දෙසැම්බර් 23  වීගන් කඩේ පොප් අප් සේල් එක තිබුණෙ හෝටර්න් පෙදෙසෙ අංක 31 දරණ ස්ථානයේදි. අපිත් මීට්ලස් මන්ඩේ ශ්‍රි ලංකා (Meatless Monday Sri Lanka) කණ්ඩායම විධියට මේ සුබ ආරංචිය හොයාගෙන වීගන් කඩේට ගොඩවැදුණා.

එක්සත් රාජධානියෙන් (UK) ගෙනාපු ගුණාත්මක ඒ වගේම රසවත් වීගන් අහාර වර්ග රැසක් Vegan Kade සමන්විත වෙලා තිබුණා. ඒ වගේම රසවත් වීගන් අතුරුපස රස විදලා යන්නත් අවස්ථාව උදාකර තිබුණා.

අපි නම් දවල් වෙන්න කලින් Vegan Kade ට ගියා. Meatless Monday Sri Lanka කණ්ඩායම මේ විස්තර කියන්නත් ආපු ගමන ගැන Vegan Kade හැමෝම සතුටු වුණා.

සුරම්‍යා නම් ඔන්න කඩේට ආපු ගමන් අපට තියෙන ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න ඔක්කොම ඇහුවා. මම කිව්වා සුරම්‍යාට ඔය ඔක්කොම ඉංගිරිසි භාෂාවෙන් පළවන නිසා මමත් ඔන්න සිංහල පාඨකයන් වෙනුවෙන් මේ සටහන ලියලා තියෙනවා කියලා.

Vegan Kade දාලා තියෙන්නෙ ඩියාෂා. ඇය අපට පැහැදිලි කළා ඇයි වීගන් කඩේ දැම්මෙ කියලා. මේ හැමදේටම වඩා වටින්නෙ ඇය වීගන්වීම. ඒ වගේම වීගන් ආහාර ප්‍රචලිත කරන්න ඇය තබපු පියවර. ඩියාෂා කියන්නෙ ඇය සත්ත්ව කෘරත්වයට අකමැතියි කියලා. ඒ නිසාම වීගන් ආහාරවලට හුරුවුණ ඇය දැන් ඇය කන්න කැමැති කෑම ඇයගේ තේරීම, අනෙක් වීගන් පාරිභෝගිකයන්ටත් ගන්න උනන්දු කරනවා.

ඩියාෂා එක්ක මේ කණ්ඩායමේ ඉන්නවා රමීෂා, අනුකි වගේම රොෂී. ඒ හැමෝම අපි Vegan Kade ට ගිහිල්ල හිටිය කෙටි කාලයටත් කාර්ය බහුලයි. දේශිය ගැනුම් කරුවන් වගේම ලංකාවේ ජීවත්වන විදේශිකයන් වීගන් කඩේ සොයාගෙන පැමිණියා.


Vegan Kade ඩියාෂා ඇතුළු කණ්ඩායමට ඇත්තටම අරමුණක් තියෙනවා. ඒ සත්ත්ව හිංසනය පිටු දැකීම, ඒ වගේම නිර්මාංශ ආහාර රටාවකට තමන්ගෙ පරම්පරාවේ යහලු යෙහෙලියන් හුරු කිරීම. ලංකාවේ අනෙකුත් තැන්වලට වඩා ලාභෙට එක්සත් රාජධානියෙන් ගෙනාපු වීගන් ආහාර Vegan Kade තියෙනවා කියලා තමයි මොවුන් Meatless Monday Sri Lanka Team එකට විශ්වාසයෙන් පැවසුවේ.

ශාකජනක කිරිවර්ග,චොකලට්,වීගන් චීස්,ධාන්‍යවර්ග,වීගන් හැම් ඇතුළු තවත් බොහෝ දෑ වීගන් කඩෙන් මිලදී ගන්න පුළුවන්. අපේ පින්තූර බැලුවත් ඔයාලට ඒ නිෂ්පාදන හොදින් හදුනගන්න පුළුවන්වේවි.

Vegan Kade ට ඒ වගේම ඩියාෂා,රමීෂා,අනුකි සහ රොකීටත් සුබ පතනවා. කඩේ ආපහු දාපු දවසට හොයාගන්න ලෙහෙසිවෙන්න වීගන් කඩේ ගැන විස්තර පත්‍රිකාවත් මේ කතාව සමග අමුණන්න මම අමතක කරන්නෙ නැහැ.

අපි වීගන් කඩේට ගිහිං අපහු එන්න හදන වෙලාවේ ඩියාෂා අපට අතුරුපස ගෙනත් දුන්නා. ඉතා කුඩා අතුරුපස බදුනක් වුවත් එහි රස නම් ඉස්තරම්. 

මැන්ගො චියා පුඩිං (Mango Chia pudding)

සුරම්‍යත් මමත් ඉතා ආසාවෙන් මෙම පුඩිං රස බලන්න වුණා. පොල්, අඹ ඉතා සිහින්ව යොදාගනිමින් චියා සමග මිශ්‍රකරලයි ඩියාෂා මේ පුඩිම රසවත්ව හදලා තිබුණෙ.

චොකලට් චියා පුඩිං (chocolate chia Pudding)

වීගන් චොකලට් යොදා සැකසු චියා අන්තර්ගත අනෙක් පුඩිමත් ඒ වගේම රසවත්. සුරම්‍යත් මමත් මාරුවෙන් මාරුවට මේ රසවත් පුඩිං දෙකේම රස බැලු බව නොරහසක්.

සමහරු ආහාරවල සොයාගෙන යන්නෙ රස, තවත් සමහරු ගුණ. ඇතමෙක් මේ දෙකම ගැන අවබෝධයෙන් ආහාර ගන්න බව අපි දන්නවා. හැබැයි මේ කොයි පැත්තට මම වැටෙනවාද කියල පසුව හිතන්න උවමනායි. නමුත් වීගන් ආහාරවේලක් කියන්නෙම මාංශ ආහරයකට වඩා දහස් ගුණයකින් ඔබේ සෞඛ්‍යයට හිතකර ආහාරවේලක් බව නම් අමුතුවෙන් කිවයුතු නැහැ.

වීගන් කඩේ ගැන FB එකෙන් https://www.facebook.com/thevegankadeUK/ 

ඉන්ස්ටර් ග්‍රැම් වලින් https://www.instagram.com/thevegankade/ තොරතුරු ලබාගන්න හැකියාව තිබෙනවා.  ඔබටත් උනන්දුවක් තිබෙනවා නම් ඩියාෂා හෝ වීගන් කඩේ කාර්ය මණ්ඩලය සම්බන්ධ කරගෙන ඔබ සොයන ආහාර ද්‍රව්‍ය සොයා ගැනීමට හැකියාව තිබෙනවා. 

වීගන් කඩෙන් අදට සමුගත්තට තවත් වීගන් තියෙන කඩේකට ගිහිං කෑම වේලක් ගැන තොරතුරු අරන් එන පොරොන්දුවෙන් නවතිනවා. ජය! 

රමේෂ් වරල්ලෙගම


by

Tags: