වසංගත කාලයේදී පිටතින් ආහාර ඇණවුම් කිරීම – The Vegan Kitchen by Sulo වීගන් කෙටි ආහාර එකතුව

ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් අතුරුපස සහ කෙටි කෑම වලට ප්‍රිය කරයි. උණුසුම් තේ කෝප්පයක් සමඟ ආහාරයට ගැනීමට කෑම වර්ග කිහිපයක් හෝ නොමැතිව තේ පැන් සංග්‍රහයක් හෝ ළමා සාදයක් සම්පූර්ණ නොවේ. මෙම රසකැවිලි සංග්‍රහයන්ට විවිධ වර්ගයේ පැණි රස සහ සැර කෙටි කෑම රාශියක් එකතු කරගන්නා අතර බාල මහලු සියල්ලන්ම වඩාත් කැමැත්තෙන් රස විඳි. බොහෝ විට මෙම කෙටි ආහාර නිවසේදී පිලියල කරගන්නා අතර, වර්තමාන කාර්යබහුල ජීවන රටාවත් සමග උත්සවයක් හෝ සුළු සැමරීමක් වෙනුවෙන් නිවසේදී රසකැවිලි සහ කෙටි කෑම සකස් කරගැනීමට කාලය යෙදවීමට නොහැකි වී ඇත. එසේම එවැනි ආහාර වීගන් ලෙස පිලියල කරගැනීම තවත් අපහසු කාර්යයක් වනු ඇත.  

Meatless Monday Sri Lanka කණ්ඩායම වශයෙන් අප මීට පෙරත් The Vegan Kitchen by Sulo සමග විශේෂාංග කීපයක් සිදු කර ඇතත් මෙම කෙටි කෑම සංග්‍රහයට සුවිශේෂී සමාලෝචනයක් කිරීමට අදහස් කළෙමු. නිර්මාංශ කෙටි ආහාර විකල්පයන් සපයන එකම අවන්හල The Vegan Kitchen by Sulo විය හැකි අතර Meatless Monday Sri Lanka අපට මෙම රසවත් ආහාර එකතුව රස විඳීමට හැකි වීම පිළිබඳව සතුටට පත් වන්නෙමු. අපි කෙටි ආහාර හතරක් සහ රසවත් වීගන් කප් කේක් රසයන් කිහිපයකින් ඇණවුම් කළෙමු. ඒවා පහසුවෙන් පිළිගැන්විය හැකි පරිදි කාඩ්බෝඩ් පෙට්ටියක ඇසුරුම් කර තිබිණ.

කෙටි කෑම එකතුවට වීගන් පීසා, සැන්ඩ්විච්, සමෝසා, රෝල්ස් සහ සොසේජස් පේස්ට්‍රි ඇතුළත් විය. පීසා සඳහා යොදාගත් සෝස් ප්‍රනීත රසයක් එකතු කල අතර එය එළවලු සහ “ෂීස්” සෝස් වලින් පිරී තිබුණි. එය පොල් ආශ්‍රයෙන් සකස් කරගෙන තිබූ අතර එයින් වඩාත් ප්‍රනීත රසයක් පීසා වලට එක් කළේය.    සමෝසා සහ රෝල්ස් වල එළවළු සහ අර්තාපල් පිරවුමක් තිබුණු අතර එයද රසවත් විය. සොසේජස් පේස්ට්‍රියේ සුලෝගේම සුවිශේෂී නිර්මාංශ සොසේජස් අඩංගු වූ අතර ඇගේ විශේෂ සෝස් වලින් වඩාත් රස ගන්වා තිබුණි.

ටෝෆු සහ මයෝනීස් යොදාගෙන සකස් කර තිබු සැන්විචය කෙටි කෑම එකතුව අතුරින් මගේ එක් ප්‍රියතම ආහාරයක් වූයේ එය සාමාන්‍ය තම්බාගත් බිත්තර යොදාගෙන සකස් කල සැන්විචයක් සේ පෙනෙන ලෙස එහි වයනයට සමාන ලෙස සකසා තිබීමයි. මෙය බිත්තර රසයකින් තොරව මෘදු ටෝෆු කැබලි, වීගන් මයෝනීස්, ලූනු, අමු මිරිස්, අබ සහ ගම්මිරිස් සමඟ තක්කාලි යොදාගෙන වඩාත් ප්‍රනීත ලෙස රස ගන්වා තිබුණු අතර මට එය පරිපූර්ණ රසයක් ගෙන දුන්නේය.  

ඊළඟට කප් කේක් රසවිඳීමට අවස්ථාව උදා විය. අපේ කප් කේක් සංයෝජනයට, කැරමල් කල කජු එක් කල කෝපි කප් කේක්, චොකලට් චිප් කප් කේක් සහ පැෂන් කප් කේක් ඇතුළත් විය. කේක් මෘදු හා තෙතමනය සහිත වූ අතර එයට යොදා තිබු අයිසිං මෘදු හා වඩාත් රසවත් විය. අයිසිං වලට පොල් මුසු බටර් ඇතුළත් නොවන බව මට දැනුන අතර එය මගේ පෞද්ගලික මනාපයක් බැවින් එයට බෙහෙවින් ස්තූතිවන්ත විය යුතුය. කෙසේ වෙතත්, පොල් ආශ්‍රිත බටර් වලට කැමති ඕනෑම කෙනෙකුට සුලෝ විසින් එම රසයන් එක් කර රසවත් ලෙස මෙම ආහාර පිළිගන්වයි.

අප විසින් The Vegan Kitchen by Sulo පිළියෙළ කල කෙටි කෑම සහ කප් කේක් රසවින්ද අතර එය රසවිඳීමට ඔබටත් නිදේශ කරන්නේ ඉමහත් සතුටින්ය. ඇගේ කෙටි කෑම එකතුව ඉතා ජනප්‍රිය වන අතර ඇය නිතරම විස්මිත කෙටි කෑම සංයෝජන මේ සමග ලබා දෙයි.

මෙම කරදරකාරී කාල සීමාවේදී අපේ මුහුණට සිනහවක් සහ මනසේ සාමය ගෙන ඒමට මෙම රසවත් සංග්‍රහය මහෝපකාරී වූ අතර වසංගතය අතරතුර දේශීය ව්‍යාපාර සඳහා සහයෝගය දැක්වීමට ලැබීම ගැන අපි වඩාත් සතුටු වෙමු. .

සටහන: සුරම්‍යා හෙට්ටිආරච්චි

පරිවර්තනය: චලනි මාරසිංහ


by

Tags: