ලෝක මිහිතල දිනය

ලෝක මිහිතල දිනය අදට යෙදී තිබේ. පාරසරික ආරක්ෂාව සදහා සමරනු ලබන මිහිතල දිනය ප්‍රථම වරට සමරනු ලැබුවේ 1970 දීය.2015 ප්‍රංශයේ පැරිස් නුවර දේශගුණ විපර්යාස සමුළුවට එක්වු රටවවල යෝජනාවෙන් ලොව පුරා දැනට ක්‍රියාත්මක දේශගුණික ආරක්ෂණයට අදාල පැරිස් ගිවිසුම අත්සන් තැබුවේ 2016 වසරේ මිහිතල දිනයදාය.


1969 දී සැන් ෆ්රැන්සිස්කෝහි යුනෙස්කෝ සමුළුවේදී සාම ක්‍රියාකාරිකයෙකු වූ ජෝන් මැක්කොනෙල් පෘථිවියට සාමය පිළිබඳ සංකල්පයට ගෞරව දැක්වීමේ දිනයක් යෝජනා කළේය. එය ප්‍රථම වරට 1970 මාර්තු 21 වන දින පළමුවරට සැමරුවේය.එක්සත් ජනපද සෙනෙට් සභික ගයිල්ඩ් නෙල්සන් විසින් 1970 අප්‍රියෙල් 22 වන දින රටපුරා පාරිසරික ඉගැන්වීමක් පැවැත්වීමේ අදහස යෝජනා කළේය. ඔහු ජාතික ක්‍රියාකාරිකයෙකු වන ඩෙනිස් හේස්ව ජාතික සම්බන්ධීකාරක ලෙස බඳවා ගත්තේය. නෙල්සන් සහ හේස් මෙම සිදුවීම “මිහිතල දිනය” ලෙස නම් කළහ.2020 යනු මිහිතල දිනය 50 වන සංවත්සරයයි. ගෝලීය පිරිසිදු කිරීම, පුරවැසි විද්‍යාව, උපදේශනය, අධ්‍යාපනය සහ කලාව වැනි ක්‍රියාකාරකම් මෙවර සංවත්සර සැමරුමට ඇතුළත්ව තිබිණි. COVID-19 වසංගතය සමග මෙම ගෝලීය සැමරුම් ඉලක්ක ඩිජිටල් හැඩයෙන් බලමුලු ගැන්විණි. මිහිකත දින ක්‍රියාකාරීත්වයට සුදානමින් සිටි ස්වෙච්ඡා සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බව මිහිකත දින ජාලයේ සභාපති කැත්ලීන් රොජර්ස් පවසයි.

Meatless Monday Sri Lanka Team සෑම විටම නිර්මාංශ දිවි පෙවතකට ඔබට ඇරයුම් කරමින් දේශගුණ විපර්යාස අවම කිරීමට දායකවෙමින් මහී කාන්තාව සුවසේ තැබීමට වෙහෙසෙති. කොවිඩ්-19 වෛරසය ලොවපුරා මිනිසුන්ට පසක් කරමින් සිටිනුයේ මිහිකත අභිබවා යාමට ගිය තැනකදී සිදුවන අනතුරු ඇගවීමක් වැනිය. ඒ නිසා අපි යලි යලිත් කල්පනා කළ යුතුව ඇත්තේ අපි සැම මිහිකත උපන් දරුවන් වන්නෙමු ! යන්නය.


Posted

in

by

Tags: