මිල්ක් ඇන්ඩ් හනී කැෆේ – කොළඹ 07

හොර්ටන් පෙදෙස දිගේ ඉදිරියට යනවිට පසුගිය කාලය පුරා විවිධ අවන්හල් විවෘත කර තිබේ. ඒ අතර ඔබට මිල්ක් ඇන්ඩ් හනී අවන්හලත් දැකගත හැකියි. හැබැයි කලබල වෙන්න එපා අවන්හලේ නම සිංහලට පෙරලුවොත් කිරි සහ මී පැණි දෙකම කියවෙනකොට වීගන් ආහාරවේලක් මේ වගේ තැනකින් ගන්න පුළුවන්ද කියලා ඔයාල පුදුම වෙන්න පුළුවන්.

වීගන් හෝ වෙජිටෙරියන් ආහාර ගැන අප ඔබට කියන්නෙ මාංශ පරිභෝජනය අවම කරමින් ඒ ඔස්සේ ලෝකයට යමක් ඉතිරි කිරීමේ අරමුණෙන්. Meatless Monday Sri Lanka කණ්ඩායම ඔබ සොයන අවන්හලක් ගැන රසවත් වීගන් හෝ වෙජිටේරියන් ආහාර වට්ටෝරුවක් ගැන දැනුවත් කිරීමට නිරන්තරයෙන් වෙහෙසෙනවා. 

මෙම අවන්හලේ තිබෙන විශේෂත්වය තමයි පොත් හා ලිපි ද්‍රව්‍ය, පාසල් උපකරණ සෙල්ලම් බඩු සහ අධ්‍යාපන උපාංග, කතා පොත් ඇතුළු බොහෝ දෑ සමග නිර්මාණය වී තිබීම. දරුවන් සමග ආහාරවේලක් ගන්න අයට නම් මේ තැන කදිමයි. හැබැයි දරුවන් ඉල්ලන යමක් අරන් දෙන්නත් බලාගෙන තමයි මෙතනට යන්න උවමනා. මොකද අනිවාර්යෙන්ම දරුවන් කැමැති දේවල් මෙතැන තියෙනවා.

අපේ සුරම්‍යා නම් කියන්නෙ මුලින් පොත්වල සුවද දැනිලා පසුව අහාරවල සුවද විද ගන්නවා කියලා. එහෙම බැලුවම මේ තැන අපූරු තැනක්. වැඩි කලබලයක් නැති. නිදහසේ ආහාරවේලක් ගන්න පුළුවන් තැනක්. අපන ශාලාවට ඇතුළට ගිය පසු නිස්කලංක කුඩා ඉඩකඩක් තිබෙනවා. එහි අවට ඇඹරැල්ලා සහ පළතුරු ගස් කිහිපයක් පරිසරයේ අපූර්වත්වයට යම් ඌණ පුර්ණයක් කරනවා.

මාංශ අහාරද තිබෙන මෙම අවන්හලේ වීගන් මෙන්ම වෙජිටේරියන් ආහාර ලබා ගැනීමේ හැකියාවත් තිබෙනවා. අප ආපන ශාලාවට ඇතුළුවු වේලාවෙ පැමිණි දෙස් විදෙස් පාරිභෝගිකයන් රැසක් මෙම ස්ථානයෙන් නිර්මාංශ ආහාර ඉල්ලා සිටියා. ඒක ඔන්න අපි ඔක්කොටම සතුටට කාරණාවක්.

අංකගත ආහාර වට්ටෝරුව

මෙම අවන්හලේ විශේෂතා අතර අනෙක් අවන්හල්වල ආහාර වර්ගයේ නමින් ඇණවුම් කිරීමට තිබුණද මෙහි අංකවලින් ඔබට ආහාරය ඉල්ලා සිටීමට සිදුවෙනවා. ඊට හේතුව ආහාර වට්ටෝරුව අනෙක් තැන්වලට වඩා වෙනස් විධියට අංක යොදා සකස්කර තිබෙන නිසා. අනෙක් විශේෂත්වය තමයි උදේ ආහාරය, ප්‍රධාන ආහාර, සලාද, රැප් සහ අතුරුපස ලෙස කොටස් වලට බෙදා ඇති ආහාර වට්ටෝරුවේ එකිනෙකට වෙනස් අංක එක් කරමින් තමන්ට අවශ්‍යය ආහාරය සකස්කරවා ගැනීමටද මිල්ක් ඇන්ඩ් හනී පාරිභෝගිකයන්ට හැකියාව තිබෙනවා. අදාල අංකයට අදාලව යොදන අමුදුව්‍ය මෙහි පැහැදිලිව දක්වා තිබීමත් විශේෂයි. කාර්ය මණ්ඩලයත් අපට අවශ්‍යය ඔනෑම සහයක් ලබාදීමට ඉදිරිපත්වීමත් ප්‍රශංසනීයයි.

අංක 12 බැදපු රතු අල සමග පනීර් (රු.750)

මෙම ආහාරවේල ඉතාම රසවත් එකක් බව අපට කන්න ගන්නත් කලින්ම පෙනුනා. රෝස්කරපු රතු අලවල රස වැඩි වෙන්න වීගන් සෝස් වර්ග පාවිච්චි කරලා තිබුණා. ලූණු සලාද, අවන්හලේම හැදු පනීර්, කජු සහ කොළ වර්ග මෙම ආහාරවේලට අයත් වෙනවා. 

අංක 16 හතු,බැදපු වට්ටක්කා,රතු අල,කව්පි (රු.900)

ශාක පත්‍ර ආහාරවේලක්ය ඔබ ආහාරයට ගනිමින් සිටින්නේ කියන එක දැනෙන ආහාරවේලක් තමයි මේ ආහාර වේල. ඒ වගේමයි එහි විවිධ වර්ගයේ එළවළු, ඇට වර්ග, අච්චාරු, ඇතුළු බොහෝ දේ අන්තර්ගතයි. මම නම් එහි වඩාත් ප්‍රිය කළේ හතුවලට. බැලු බැල්මටම දේදුනු වර්ණයට සමාන ආහාර වර්ග රැසක් මෙහි අන්තර්ගතයි.

අංක 17 කඩල සහ රතු අල වලින් සැදු ෆලාෆෙල් (රු.900)

කඩල සහ රතු අලවලින් සැදු ෆලාෆෙල් රස උතුරා යන ආහාරයකි. ඊට තක්කාලි සල්සා, වට්ටක්කා සහල්, සලාද කොළ සහ අච්චාරු එක්කර තිබීමෙන් තවත් රස වැඩිවිය.

අංක 23 ඔතන ලද ආහාර (wraps) (රු.600)

මෙම ආහාරවේල රොටියක ඔතන ලද එළවළු ආහාවේලකි. එහි කඩල පිටි, තක්කාලි ඇතුළු ශාක පත්‍ර සෝස්වලින් සමන්විතවය.

අංක 04 සව් පුඩිම (රු.450)

සව් ඉතා ප්‍රණීත පුඩිමක් ලෙස සකසා සැදු ආහාරයකි. සව් පුඩිමත් කදිම ආහාරයක් බව මෙම පුඩිමේ රස බලනවිට අපට හැගී ගියේය. 

මිල්ක් ඇන්ඩ් හනී කැෆේ එකේ හිමිකාරිනිය ප්‍රි රත්නායක මිය අප සමග මේ අතරවාරයේ කෙටි සම්මුඛ සාකච්ඡාවකටද එක්වුවාය. අපේ යු ටියුබ් චැනලය ඔස්සේ ඔබට එය නැරඹීමේ හැකියාව තිබෙනවා. 

අවුරුදු අටකට කලින් මම මේ කැෆේ එක විවෘත කරනු ලැබුවේ ශ්‍රි ලාංකේයන්ට සෞඛ්‍ය සම්පන්න සහ කෘතිම රසකාරක නොමැති ආහාරවේලක රස උරුම කර දීම සදහා යැයි ප්‍රි රත්නායක මිය පැවසුවාය.

මිල්ක් ඇන්ඩ් හනී කැෆේ සදහාම වු අනන්‍යතාවන් රැසක් අප සමග සිටි කෙටි වේලාවේ ඇය විස්තර කළාය. ඇත්තටම තමන්ට ඉතා උසස් තත්ත්වයේ ආහාරවේලක් තමන් කැමැති විධියට සකසා ගැනීමට මිල්ක් ඇන්ඩ් හනී කැෆේ විශිෂ්ට සේවාවාක් සපයයි.

වීගන් හාවෙජිටේරියන් ආහාර වෙන්කොට හදුනාගෙන ඒවා ඇනවුම් කිරීමේ හැකියාව තිබෙන මෙවැනි අවන්හලක් ඔබටත් ඔබේ දරුවාටත් ගත සිත නිවන අලුත් අත්දැකීමක් වනවාට සැක නැත.

Meatless Monday Sri Lanka කණ්ඩායම විධියට තවත් අලුත් වීගන් කෑම හදන තැනක් එක්ක හමුවෙන්නම්. එතෙක් ඔබට සුබ දවසක් ! 


by

Tags: