මාලා හොට් පොට් ( Mala Hot Pot)-කළඹ්බො සිටි සෙන්ටර් (Colombo City Centre Food Studio)

මේසය මැද සවිකර තිබෙන උදුනක පිසෙන අහාර එසැනින් රස බැලීමේ අපූරු හැකියාවක්  තිබෙන ස්ථානායකට ඔබ වඩාත් ඇලුම් කරනවා නිසැකයි. විදෙස් රටකදී නම් ඇතැම්විට ඔබට එවැනි තැන් සොයා ගැනීම අපහසු නැහැ. නමුත් තවමත් ශ්‍රි ලංකාවේ මෙවැනි ආහර පරි‌භෝජන විධික්‍රම පිළිබදව අත්දැකීම් ලබා ගැනීමට තිබෙන ස්ථාන දුලබයි.

මාලා අවන්හල පිහිටලා තියෙන්නෙ කළම්බො සිටි සෙන්ටර්හි ඉහළ මාලයේ. ඔයාලා සාප්පු සවාරියේ ගිහිල්ලා බඩගින්නක් දැනුනම මාලා අවන්හලට අවා නම් අලුත් අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. හැබැයි දැන් මේක බලලා එක පාරටම දුවගෙන යන්න එපා මෙසේ මැද අහාර උදුන් තියෙන තැනක් කියලා. මාලා ඒක ඒ වෙනුවෙන් සුදානමක් තියෙන තැනක් විතරයි තවමත්, හැබැයි නුදුරේදී එය යථාර්ථයක් වෙන්නත් පුළුවන්. 

චීන අවන්හලක් වන මෙහි දැනටමත් තිබෙන විශේෂත්වයක් තිබෙනවා ඊටත් ඔබ ඇලුම් කරානවා නිසැකයි. ඔබට අවශ්‍ය එළවළු මේ ස්ථානයේදී අමුවෙන් අවශ්‍ය ප්‍රමාණයට තෝරාගෙන, එක් බදුනකට දමා දී එය ආහාරය විධියට කෙටි වේලාවක් තුළ පිළියෙල කර ගැනීමේ හැකියාව මාලා අවන්හලෙ තිබෙනවා.

එවිට වීගන් ලැදි ඔබට ඔබ කැමැති එළවළු , සොයා නිෂ්පාදන, මුහුදු පැලෑටි, මේ ඔනෑ දෙයක් සිය ආහාරයට එක්කර ගැනීමට හැකියාව තිබෙනවා. අපුරු සුප් වර්ග මෙන්ම ඇලෙන සුළු කුඩා බත් බදුන මෙම ස්ථානයට විශේෂිතයි.

සුරම්‍යයා තමයි මෙම අවන්හලට වඩාත් ප්‍රිය කරන්නෙ. ඇය මාලා අවන්හලේ මෙයටත් පෙර අත්දැකීම් ලබපු තැනැත්තියක්. අද නම් සුරම්‍යා, තඩ්සාජනී ඔබ වෙනුවෙන්මයි මාලා අවන්හලට ගොඩ වැදුනෙ. හැබැයි මෙතන සම්පුර්ණයෙන්ම නිර්මාංශ ආහාර තිබෙන තැනැක් නම් නොවන බවත් ඔබට කියලා තියන්න අවශ්‍යයයි.

බත්, නුල්ඩස් හෝ වෙනත් ආහාරයක් සමග එළවළු මිශ්‍ර සලාදයක්, චීන ක්‍රමයේ ආහාරයක් සකස්කරවා ගැනීම ඉතා පහසුයි. ඒ විතරක් නෙමෙයි ඔබ තෝරාගන්නා එළවළු යොදා ඔබට අවශ්‍ය සුප් සහිත අහාරයක් ලෙස සකස්කරවා ගැනීමේ හැකියාවද මාලා අවන්හලේ තිබෙනවා.

මේක එතරම් රසවත් දැයි මම මුලින් විශ්වාස කළේ නැහැ. නමුත් ඒ අත්දැකීම ලබාගත්තාම අහාරයේ රස ගුණ ගැන මට පුදුම අත්දැකීමක් ලබා ගැනීමට හැකිවුණා. සුරම්‍යා මාලා අවන්හල ගැන අත්දැකීම් විස්තර කළේ එහෙමයි. එවැනි විස්තරයක් කරමින් මෙවර මාලා අවන්හලේ රස බලන්න ඇය ආරාධනා කළේ තඩ්සාජනීටයි.

මාලා යැයි කියු සැනින් අපට කාන්තාවකගේ නමක් සිහියට ඒම සැබෑවක්, හැබැයි ලංකාවේ අපට මාලා නම තවත් සමීපයි. ඒ කාන්තාවකගේ රුවක් මනසේ විචිත්‍රණය කරන නිසා. කොටින්ම මාලා නම තියෙන බොහෝ පිරිසක් මෙරට සමාජියේ සිටිනවා. 

හැබැයි ඒ නිසාම මාලා එකේ හමුවෙමු, මාලා එකට යමු වගේ අපි ව්‍යවහාර කරන විට අසන්නා සිහියෙන් අසා නොසිටියොත් ගැටලු කිහිපයකට මුහුණ දෙන්නත් පුළුවන්. ඒත් ඒ පිරිමි පාර්ශවයට විතරයි. සුරම්‍යයටත් එහෙම අකරතැබ්බ වෙලා නැත්තෙම නෑ වගේ අපට හිනාවෙන විධියෙන් ඒ ගැන තේරුම් ගියා. කොහොම වුණත් මේ මාලා නම් ඔයාලා දවසක බලන්න එන්නම වුවමනායි. 

ඇයි මාලා කියන්නෙ කියලත් සුරම්‍යාම සොයා ගත්තා. මේ අවන්හලේ චීන හිමිකාරිනියගෙ නම මාලා කියලයි සුරම්‍යා කලින් හිතුවේ. නමුත් මේ මාලාට එහෙම සම්බන්ධයක් නැහැ.  ඇත්තටම චීන ජාතිකයන් ගම්මිරිස් අඩංගු රසවත් මිශ්‍ර කුළු බඩු වර්ගයකට මාලා ලෙස නම් ලබා දී තිබෙනවා. මේ මාලා ඒ මාලා කියලා ඒත්තු ගියාම සුරම්‍යටත් හිනාව නතර කරගන්න බැරි වුණා. තඩ්සාජනී ඒ ගැන හිතමින් සිනාසෙන්නට වුවාය. සුරම්‍යා ආහාර ඇණවුමට පිටත්වුයේ ඒ අතරය.

මෙම ඇණවුම ලබා දීමට ක්‍රියාවලියක් නැතිනම් උපදෙස් පිළිපැදීමක් කළ යුතුයි. අපි එය ඔබට මෙසේ පෙළ ගස්වන්නම්. 

1. තැටියක් තෝරන්න

2. තෝරාගැනීමෙන් ඕනෑම එළවළු ප්‍රමාණයක් ගන්න

3. ඔබේ කුළුබඩු මට්ටම මෘදු, මධ්‍යම හා ඉහළ සිට තෝරන්න

4. ඔබේ තැටි කිරා මැන බලා ඒ අනුව ගෙවන්න

5. ඔබට ලබා දී ඇති ටෝකනය රැගෙන අවශ්‍ය බීම වර්ගය සොයන්න.

6. උපාංගය බීප් නාදය කළ පසු ඔබ යා හැකියි.

ඔබ තෝරණ එළවළු වර්ගවල බර ප්‍රමාණය අනුව ගෙවීම සිදුවන නිසා ඇතැම්විට මෙම ක්‍රමය ඔබගේ කෑම පාලනය වීමටත් හේතුවක් වනු ඇති.

සුරම්‍ය ගත්ත දෑ ඔන්න කියන්න යන්නෙ. කංකුං, කැරට්, මල් ගෝවා,දැව හතු, කළු හතු, ටෝෆු, Pak Choi සහ නුල්ඩ්ස් තිබුණා. අප එහි යනවිට මුහුදු පැලෑටි නොතිබිණි. සුරම්‍යාගේ මුහුණ ඇදවී ගියේ මුහුදු පැලෑටි අවසන් යැයි කී නිසාය.

මගේ පපුව හෝස් ගාලා ගියා සුරම්‍යා කීවාය.  අනතුරුව වුයේ මාලා තෝරා ගැනීමය. මාලා තෝරා ගැනීමේදී මෘදු මට්ටමේ කුළුබඩු ප්‍රමාණයකට ඇලුම් කළ නිසා මධ්‍යම ප්‍රමාණයෙන් මාලා තෝරා ගැනීමට සුරම්‍යා පෙළඹුණාය.

අර මුලින් කිව්වා වගේ උණුසුම් බදුනක් තවමත් මාලා අවන්හලේ මේසය මැද නොමැති නිසා, එහි සේවකයන් ඔබට එය පිළිගන්වීමකුයි සිදුවන්නෙ, සුප් වැනි එළවළු මිශ්‍රව, මාලා තුනපහ යෙදු අහාරය සමග ඔබට ඇලෙන බත් බදුනකුත් ලැබෙනවා.

චීන සම්ප්‍රදායට චොප් ස්ටික් (කුරූ ) භාවිතාකරමින් වුවද මෙම ස්ථානයේ පහසුවෙන් ආහාර පරිභෝජනය කළ හැකියි. නමුත් සුරම්‍යත් තඩ්ෂජනීත් තෝරා ගත්තේ හැදි ගෑරුප්පු. අපිට මේවා හොදයි නේ සුරම්‍යා කීවාය.

අර සම්පුර්ණ වශයෙන් උණුස් බදුනක නටන ආහාර ගෙන කටට දමා ගැනීමේ අවස්ථාවක් නැතත් සුරම්‍යා කියන විධියට නම් මාලා කුළුබඩු ඔබගේ රස නහර පිනායනවා. මෙම මෘදු අහාරවේල ඉතාම රසවත්. වීගන් ඔබට මෙය අලුත් අත්දැකීමකට අවස්ථාවක්. ඇතැම් අය බොහෝවිට මේ අත්දැකීම ලබාගෙන ඇති. නමුත් ඒ අත්දැකීම නොගත්ත අයට මෙය ඉතා රසවත් අත්දැකීමක් වනවා නොඅනුමානයි. 

අප මේ සියල්ලටම වැයකළේ රුපියල් 900.00 පමණයි. 

ඔන්න අපි තැන ගැන කිව්වා. ඒ පැත්තෙ ගියොත් වීගන් ඔබට මෙහි කදිම අහාර වේලක් ගත හැකියි. බිරිදට පවසා යන්න මාලා හමුවෙන්න යනවා කියලා, නැතිනම් මාලා හමුවෙන්න අපි යමුද ? අහන්න. එවැනි ප්‍රශ්න අහලා යමක් වුණොත් ඔන්න මම නම් නෙමෙයි. හැබැයි වීගන් ලෝලියෙක් විධියට මම නම් මාලාව බලන්න යනවා මයි. 

එහෙනම් අදට නවතිනාවා. ලෝකය ලස්සන කරන අපූරු අහාර රටාව වීගන්…ජයවේවා ! 


by

Tags: