බෝල්ඩ් – 30, සී වීව් ඇවනියු, කොළඹ

කොළඹ 3 වන සී වීව් ඇවනියු දිගේ ඇවිද යන විට තඩ්සා, සුරම්‍යා සහ මට බෝල්ඩ් (Bowl’d) අවන්හල හදුනා ගැනීමට  එතරම් අපහසු වුයේ නැත. පන්දු යැවිය යුතු ඉලක්කය සී.වීව් ඇවිනියු කෙළවරේ පිහිටා  ඇති බව අපගේ ක්‍රීඩා ලෝලී , වීගන් ලෝලී නරඹන්නන්ට, පාඨකයන්ට සහ රසවතුන්ට ඔවුන්ගේ  පහසුව සදහා සිහිපත් කළ යුතුය.

සෞඛ්‍ය සම්පන්න ආහාර ඉතා  ක්ෂණිකව ලබා දීමෙන් Bowl’d අවහන්හල  ආහාර ලෝලීන් අතර ජනප්‍රියවී  තිබේ. ඒ නිසාම වීගන් ආහාර ලෝලීන්වන ඔබ වෙනුවෙන් එහි යන්නට නිර්මාංශ සදුදා කණ්ඩායමේ අපි ( Meatless Monday Sri Lanka Team ) තීරණය කළෙමු.

හැබැයි Bowl’d අවහන්හල  කියන්නෙ  නිර්මාංශ අහාර පමණක් තිබෙන අවන්හලක් නෙමෙයි. Bowl’d අවන්හලේ පදනම අමු මාලු  සමග හවායි සහල්වලින් සැදු බත් , එළවළු  සමග උමාමි සෝස් මිශ්‍ර වු පාත්‍රය (Bowl) එකකි.  නිර්මාංශ සදුදා කණ්ඩායම මෙම අවන්හලට පැමිණියේ සම්ප්‍රදායික අහාර ප්‍රාතය සමාලෝචනය කිරීමට නොවේ. 

වීගන් අහාර පිළිබදව අපගේ සේවා  සහයකයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් අපට විවිධ වර්ගයේ වීගන් ආහාර  වට්ටෝරු පිළිබදව දැනුවත් කළේය. ඒ අනුව Bowl’d අවහන්හල  සතුව වීගන් අහාර වට්ටෝරු රැසක් ඇති බව අපට වැටහී ගියේය.

Bowl’d අවහන්හලේ  පිවිසුම් ස්ථානයේ පටන් පවතින අපූරු අලංකාරයක ගැන අහාර ඇනවුමට පෙර පැවැසිය යුතුය. ඒහරිත වත් මල් වැල්වලින් යට  මේසයක් හා පුටුවක් සහිත ස්ථානයකින්ද සැදුම්ලත්ය. එය ඇත්තටම අහාර වේලක් සමග පෙම් සුව විදිය හැකි ස්ථානයක් දැයි බැලු බැල්මටම අදහසක් පහලවනු නියතය.  

අලංකාර ලෙස ඇඳ ඇති වර්ණවත් බිතුසිතුවම් විවිධ බිත්ති සහ ලී ගෘහ භාණ්ඩ වලින් මෙම අවන්හල අලංකාර කර ඇති අතර රැට්න් පැදුරු පොලිනීසියානු කලා හා ශිල්ප සිහිපත් කරයි.

අහාර වට්ටෝරුවේද විවිධ පාත්‍ර ඇත. ඒ අතරින් වීගන් පාත්‍රයක් තෝරා ගැනීමත්, ඊට අවශ්‍යය අහාර තේරීමත් ඔබ සතුය. යුෂ පානයන් නම් බොහෝ දුරට වීගන් වන නිසා ඔබට කිසිදු සැකයකින් තොරව මෙම ස්ථානයේදී එම පානීය වර්ග රැසක් තෝරා බේරා ඇනවුම් කළ හැකිය.

Bowl’d අවහන්හලේ   අහාර  වට්ටෝරුව දෙස බලා සිටීමට ප්‍රිය උපදවන්නේ එය විවිධ වර්ග සිතුවම්වලින් අනූන ප්‍රිය උපදවන වට්ටෝරුවක් නිසාය. අපගේ මෙම වීගන් ආහාර සමාලෝචනය අතරවාරයේදීද ඔබට එය කියවා බැලිය හැකි වේ. වීගන් ආහාර ගැනීමට මෙම ස්ථානයට එන ඔබ මෙම ආහාර වට්ටෝරුව හොදින් බලන්නත් අමතක කරන්න එපා. සුරම්‍යයත්, තඩ්සාජනීත් මමත් එය පෙරලා බැලුවේ ඉතා අසාවෙන්. හැබැයි සුරම්‍යයාට අප අපගේ ආහර ඇනවුම භාරදෙන්න යෝජනා කළා.

තඩ්ෂාජනී ස්ට්‍රෝබෙරි කොමඩු දෙහි සහිත පානය (රු. 400) ඇණවුම් කළාය. සුරම්‍යා  දෙහි සහිත ගොටුකොල යුෂ පානය (රු. 300) තෝරාගත්තාය. මම ඔවුන්ට ඉඩ දී අහාර වට්ටෝරුවට ඇස යැව්වෙමි. සුපර්ෆුඩ් මිසෝ සුප් (රු. 550) තඩ්ෂාගේ තේරීම වූ අතර සුරම්‍යා ෂෝයු ටෝෆු පාත්‍රය (සාමාන්‍ය රු. 750) ඇනවුම් කළාය.

මම මොකටද අමුතුවෙන් ඇනවුම් කරන්නෙ. අද ඔයාලා තෝරපු ආහාර කාලා බලලා ඒවයේ රස මම කියනවා මගේ අදහස එවැන්නකි. සාම්ප්‍රදායිකව සිදුරු බඳුන්, ඇලෙන සුළු බත් සමග අපගේ ආහාරය පිරිනමනු ලැබිණි. ඒ ඇනවුම අපි තුන්දෙනාටම මනාව සරිලයි. සුරම්‍යා ඇලෙන සුළු බත් සමග zoodles තෝරා ගෙන රසවිදින්නට වුවාය.

ක්ෂණිකව ක්‍රියාත්මක වී අපගේ අහාර ඇනවුම ලැබු බවත් සේවාදායකයා අහාර වට්ටෝරුව  පිළිබඳ මනා දැනුමකින් යුක්ත වී සිටි බවත් ඔබගේ පහසුව සදහා දැනුවත් කළ යුතු යැයි මම යෝජනා කළෙමි.

ඔවුන් අපට  බීම වර්ග පිරිනැමුවේ උණ බට සමගය. තිරසාර අහාර පරිභෝජනය සමග පරිසර හිතකාමී මෙවැනි දෑ ගැන අප ඔබට විටින් විට සහිපත් කර ඇත්තෙමු. සුරම්‍යා පොඩ්ඩක් රස බලන්න ගත්ත ගොටුකොළ යුෂ පානය ඔබට පෙන්වීමට ඡායාරූපයක් ගැනීමටත් පෙර තව පොඩ්ඩෙන් හිස්වෙයි. මගදි නැවැත්වු නිසා, මේ තරමින් ඡායාරූපයක් ඔබට ඉදිරිපත් කරන්නට හැකි වු බව මම ලියලා කියලා දැනගත්තොත්, සුරම්‍යා මාව මීළග සමාලෝචනයට රැගෙන නොයනු ඇත.  

නමුත් සුරම්‍ය එහෙම නෑ ඇත්තම කියනවා. බලන්න රමේෂ් මේකේ රස. මට අදහාගන්න බැහැ යැයි සුරම්‍යා කීවාය. තඩ්ෂාජනීටත් අපි එහි රස බලන්නට යෝජනා කළෙමු. ඇයත් ඇස් උඩ යැව්වාය. මෙච්චර රසට ගොටුකොළ බොන්න ඇත්නම් එය දිනපතා වුවද කළ හැකියැයි මගේ සිත කියන්නට විය. ඒ අතර තඩ්ෂාජනී කොමොඩු පානයේ රස බැලුවාය.  අපත් ඇයගෙන් මොහොතකට කොමඩු පානය ඉල්ලා රස වින්දේය. 

Bowl’d අවහන්හලේ  යුෂ පාන  ඇණවුම් කිරීමේදී කිසිදු බියක් දක්වන්න එපා යැයි කියන තරමට ඒවා රසවත්ය.  ඒ අතරවාරයේ අනෙකුත් එළවළු ආහාර ඇණවුමද මේසය මතට ආවේය. මට මේ එළවළු බදුන දකින කොට පුදුම ආසාවක් දැනෙන්නෙ සුරම්‍යා කීවාය . 

ටෝෆු, එඩමාම්, තක්කාලි, කැරට්, රතු ගෝවා, මුහුදු පැලෑටි, ලූනු, තල ඇට, අච්චාරු දමන ලද ඉඟුරු සහ හැපෙනසුළු වින්ටන් සහිත මෙම පාත්‍රය තුළට සූඩ්ල්ස් පැමිණ තිබුණේ සුරම්‍යා කැමැති විධියටයි. ඇය ඒ නිසා ප්‍රීතියෙන් ඉපිල ගියාය. සුරම්‍යා පමණක් නොව අපිද එහි රස නිසා ඉපිල ගියෙමු.

තඩ්ෂාගේ සුපර්ෆුඩ් මිසෝ සුප්, පිඟානට එකතු කළ අතිරේක නිවිති සහ තල ඇටවලින් සතුටක් ගෙන දුන්නේය. නමුත් ලුණු මදක් වැඩිවීම නිසා ඇය එය ප්‍රතික්ෂේප කළාය. අවසානයේ එයට වගවුයේ මමය.  

මිසෝ සුප් ඇණවුම් කිරීමට පෙර ලුණු පමණට දාන්න නැතිනම් අඩුවෙන් දාන්න යැයි ඉල්ලීමක් කළත් කමක් නැහැ යැයි කියන්න කියලා අප ඔබට පුංචි ඉගියකුත් දෙනවා ඔන්න. එතන ගිහිං අපි කිව්වෙ කියලා කියන්න එපා හොදේ.

අතුරුපස නම් කන්න ඉඩ නෑ කියද්දි සුරම්‍යා අපි එහෙනම් එකක් ඇණවුම් කරලා බලමු යැයි යෝජනා කළාය. අපි ඊට හා යැයි කීවෙමු. සුරම්‍යා අමාරුවෙන් අපට ඇණවුම් කළත් අවසානයේ ඊට වග කියන්නේ අපිය. මැන්ගො නයිස්ක්‍රීම් Mango Nicecream (රු 600) අප හිත ගියේ වීගන් අයිස්ක්‍රිම් සදහාය. මේකට කිරි දාලා හදන්නෙ නෑ නේද සේවා දායකයාගෙන් සුරම්‍යා දෙතුන් වතාවක් ඇසුවාය.

අඹ නයිස්ක්‍රීම් එක මරු. සුරම්‍යා කීවාය. මට නම් එය තරමක්ය. තඩ්ෂාජනීට නම් එය ගානක් නැත. ඇත්තටම සුරම්‍යා නම් අඹ නයිස්ක්‍රිම් කන්නම නැවත Bowl’d අවහන්හලට  එන බව කීවාය. දැන් අපට ඇයගෙන් විමසන්න තිබෙන්නෙ ඇත්තටම අපට හොරාට ඒ පැත්තෙ ආයෙ ගියාද කියලයි. 

ඒ කෙසේ වෙතත් ඉඩක් තිබෙනවා නම් Bowl’d අවහන්හලේ  රවුමක්  දාලා එන්න. සුහදශීලි කාර්ය මණ්ඩලය,  ක්ෂණික සේවාව, රසවත් ආහාර නිසා ඔබත් වීගන් ලෝලියෙකු ලෙස මේ තැන්වලට ගිහිං තිබෙන්නම ඔනෑ යැයි කියන්නට තරම් මට සිත්වේ. අපි ගියෙ හැන්දෑවක , ආදරය වෑහෙන අයට නම් අපි Bowl’d අවහන්හලේ  ඇතුලට ගියාට, පිටත අර මල් වැල් තියෙන ගහ යට මරුවට තියෙවි කියලා මට හිතෙනවා. 

එහෙනම් අදට ගිහිං එන්නම්. වීගන් ආහාර එක්ක ජීවිතය රසවත් කරගන්න. ඔබට ජය!

මම,

රමේෂ් වරල්ලෙගම 


by

Tags: