තායි (Thai)-කළම්බො සිටි සෙන්ටර්

නිර්මාංශ ආහාරවලට පුරුදු ඔයාල වෙනුවෙන් වෙන්වෙලා තියෙන අවන්හල් සොයා ගෙන යාම තමයි Meatless Monday Sri Lanka කණ්ඩායමේ අරමුණ වෙන්නේ. මීට කලින් ඔබට මතක ඇති අපි Mala Hot Pot වෙත ඔබව කැඳවාගෙන ගියා.

අද අපි කියන්න යන්නේ තායි අවන්හල ගැන.මේ අවන්හල හරියටම  පිහිටලා තියෙන්නෙත් Mala Hotpot අවන්හලට දකුණු පැත්තෙන්. ඒනිසා ඔන්න ඔයාලට බලාගන්න අපහසු නැහැ . වෙනදා වගේම 

අපේ ගමනට හැමදාමත් එක් වු තඩ්ෂාජනී නූඩ්ල්ස් කන්න  ආසාවෙන් හිටියා කියලයි සුරම්‍යා කියන්නෙ.ඒ නිසාම ඔන්න අපි වීගන් යාලුවෝ වෙනුවෙන්ම තායි අවන්හලේ නූඩ්ල්ස් කන්න තීරණය කළා . අපේ යාලුවාවත් සතුටු කරන ගමන්.

තායි අවන්හලේ වට්ටෝරුව තරමක් සීමා සහිතයි.එහෙම වුණත් ඔබ ප්‍රියකරන බොහෝ ආහාර මෙම ස්ථානයෙන් ලබා ගන්න පුළුවන්.ආහාර වට්ටෝරුව අනුව බත් නූඩ්ල්ස් වර්ග සහ සලාද විවිධ ක්‍රම වලින් ඔබට ඇණවුම් කළ හැකියි.මෙහි ඇති තවත් විශේෂත්වයක් තමයි තායි ව්‍යඤ්ජන.

අපි ඔබටත් අත්දැකීම් කියන්න එක්ක නිර්මාංශ නූඩ්ල්ස් සහ පැපොල් සලාදයක් අපේ ආහාරවේලට  තෝරා ගත්තා .අපේ සේවා දායකයාට විශේෂයෙන් මතක් කරලම කිව්වා මස් මාළු හෝ බිත්තර අඩංගු කිසිදු ද්‍රව්‍යක් අපේ ආහාර වේලට එක් කරන්න නම් එපා කියලා.

නූඩ්ල්ස්  සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාර වේලක් ලෙස හැඳින්වුයේ නැතත් නිර්මාංශ ආහාර අගය කරන ඔබට මෙය හොඳ විකල්පයක්.

මේ වන්හලට ඇවිල්ලා ආහාර ඇණවුම් කිරීම ඉතා පහසුයි.ඒ නිසා ආහාර ඇණවුම් කරලා අල්ලාප සල්ලාප යෙදෙන්නත් අපට අවස්ථාව ලැබුණා. ඇණවුම් කිරීම වගේම ඇණවුම ඉතා කඩිනමින් අපගේ මෙසේ මතටත් ආවා.

තඩ්ෂාජනීටයි සුරම්‍යටයි හරිම සතුටුයි.නූඩ්ල්ස්  එළවළු සමූහයක් සහ සෝස් සමග මිශ්‍ර වී තිබුණා . ප්‍රනීත සුවඳක්. ඈත තියාම දැක්ක ගමන් කන්න හිතෙන හැගීමක් එන එක වළක්වන්න බැහැ.

ඔබ දන්නවා ඈත අතීතයේ පටන්ම නිර්මාංශ ආහාර ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රචලිතයි.එසේ වුවත් අපි පරිස්සම් විය යුතුයි මේ නිර්මාංශ ආහාර තෝරා ගැනීමේ දී. ඇතැම් විට ඔබ රැවටීම්වලට ලක් විය හැකියි.

චිලි පේස්ටවල කූනිස්සන් වැනි මාංශ ඇතුළත් විය හැකියි, ඒ නිසාමයි අපි මේ වගේ අවන්හලකට ඇවිත් ආහාර ඇනවුම් කරලා ඔබ වෙනුවෙන් ඒ තතු නිවැරදිව ගෙන එන්නේ. අපට මේ අවන්හලේ දීත් එවැනි ම අත්දැකීමකට මුහුණ දීමට සිදු වුණා.

ඔවුන් සිදු වුණු වැරැද්ද නිවැරදි කිරීමට බොහෝ උත්සාහ කළා. අප මෙතැනදි අවබෝධයෙන් සිටි නිසා කිසිම ගැටළුවක් වූයේ නැහැ . ඒ අර කියපු චිලි පේස්ට් නිසා.

ඔන්න නූඩ්ල්ස් අර කලින් කිව්ව වගේ රසයෙන්ද අනූනයි. සුරම්‍යා වඩාත් ආදරේ කලේ උමාමි රසයට.මේ අත් දැකීම ගැන තඩ්ෂාජනී සිටියේ සතුටින්. අපි ප්‍රිය කළ එළවළු වර්ග රැසක් එහි දක්නට තිබුණා. කැරට් වට්ටක්කා ටෝෆු, ලූණු එහි නියමිත පරිදි යොදා තිබීම අපගේ සතුටට හේතු වුණා.

අප ඇණවුම් කළ පැපොල් සලාදයේ කැරට් බෝංචි තක්කාලි රට කජු ඇතුළු රසවත් දෑ වලින් සමන්විත වුණා. මෙය අප ලැබූ තවත් ජයග්‍රහණයක් ! සුරම්‍යා තඩ්ෂාජනී දෙස බැලුවේ එවැනි ලීලාවකින්. අපි කිව්වෙ අපිත් එක්ක එකතුවෙලා ඉන්න වීගන් යාලුවො හැමෝම.

ඉතිං ඔන්න ඔබ නිර්මාංශ ආහාර වේලක් ඉක්මනින් ලබා ගන්න කියලා හිතනවා නම් නොවැරදීම තායි අවන්හල තෝරාගන්න.

අපි අලුත් තැනක් ගැන ඔබට තොරතුරු ගෙන ආවා .ආයේ දවසක නිර්මාංශ ආහාර වේලක් සමග හමු වෙමු .එතෙක් පරිස්සමෙන් ඉන්න .නිර්මාංශ ආහාර අගයන ඔබට ජයෙන් ජය වේවා !

රමේෂ් වරල්ලෙගම 


by

Tags: