කොළඹ Upali’s by Nawaloka අවන්හල

විවිධ සංස්කෘතීන්ට ආවේණික වු ආහාරපාන මෙන්ම විවිධ වර්ගයේ  කුළු බඩු යොදා ගෙන පිළියෙල කරනු රසයෙන්, සුවඳෙන්, පෙනුමන් සහ පෝෂණ ගුණයෙන්  පොහොසත් වූ ආහාර වට්ටෝරු වලින් හෙබි සූප ශාස්ත්‍ර කලාවක් ශ්‍රී ලාංකාවට  හිමි වීම මහඟු භාග්‍යයකි. මෙම හේතූන් නිසාවෙන්ම  ශ්‍රී ලාංකික ආහාර පාන ලොව  පුරාම ප්‍රචලිත වී ඇති අතර සංචාරක ආකර්ෂණය දිනාගැනීම කෙරෙහිද එය මහත් සේ ඉවහල් වී ඇත. Upali ‘s  By  Nawaloka එවැනි ලාංකික සැබෑ රසයන්ගෙන් යුත් කෑම වර්ග රාශියකින් යුත් ඔබට සැබෑ දේශීය සූපශාස්ත්‍ර අත්දැකීමක් ලබා දෙන අගනුවර මධ්‍යයේ පිහිටා ඇති අවන්හලකි.   ඔවුන්ගේ ආහාර මෙනුව තුල එකිනෙකට වෙනස් වු විවිධ වර්ගයේ ආහාර එකතුවක් දක්නට ඇති අතර, එහි සුවිශේෂී අංගයක් වන්නේ නිර්මාංශ ආහාර, නිර්මාංශ විකල්ප සහිත ආහාර, වීගන් ආහාර සහ වීගන් විකල්ප සහිත ආහාර ලෙස ඒවා සලකුණු කර තිබීමයි.

මෙම ආහාර විකල්ප අතුරින් අප විසින් ඔවුන්ටම ආවේණික ආහාර වට්ටෝරුවක් වූ කෙසෙල් කොලේ දිවා ආහාර වේල ඇණවුම් කලේ වීගන් දිවා ආහාර වේලක අත්දැකීම විදීමේ අදහසිනි. ආකර්ශනීය ලෙස කෙසෙල් කොලයක් මත රතුබත්, තුඹ කරවිල, පරිප්පු, මුරුංගා ව්‍යංජන සමග තෙම්පරාදු කල පොල් සම්බෝලයක්, කොළ මැල්ලුමක්, පපඩම් සහ බැදපු මිරිස් කරලක් එකතු කර තිබිණි. දේශීය කුළුබඩු වලින් යහමින් රස ගැන්වූ මේ දිවා ආහාර වේල දේශීය ආහාර වේලකට ප්‍රිය කරන ඕනෑම කෙනෙකුට රස මසවුලක් වනු නොඅනුමානය. 

එසේම රතු බත්, තුඹ කරවිල සහ මුරුංගා වල ඇති පෝෂණ ගුණය ඉතා විශාල වේ. මුරුංගා එළවලු වර්ග වලින් විශේෂ එළවලු වර්ගයක් ලෙස හඳුනාගෙන ඇත්තේ එය අතිශයින් ගුණදායක බැවිනි. මුරුංගා වල ඇමයිනෝ අම්ල වර්ග බොහොමයක් අඩංගු වන අතර එහි ප්‍රතිඔක්සිකාරක ගුණය සහ පිලික නාශක ගුණය ද ඇත. තුඹ කරවිල රුධිරය පිරිසිඳු කිරීමට දායක වන අතර දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝගාබාධ ඇති අයට බෙහෙවින් ගුණදායි වෙයි. එසේම තවත් බොහෝ පෝෂණ කොටස් අඩංගු ආහාරයක් ලෙස ද තුඹ කරවිල හැඳින්වීමට හැකිය. කොළ මැල්ලුම්ද නිතර ආහාරයට එකතු කරගත යුතු පෝෂණීය ආහාරයක් වන අතර ශරීරයට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ විශාල ප්‍රමාණයක් එමගින් ලබාගත හැක.

එසේම මෙම ආහාර වර්ග බොහොමයක් කොලෙස්ටරෝල්, දියවැඩියාව, පිළිකා නාශනය වැනි ඖෂධීය ගුණයන්ගෙන් අනූන වේ. සමස්තයක් ලෙස ගත් කල මෙම ආහාර වේල රසයෙන් ගුණයෙන් අනූන පරිපූර්ණ දහවල් ආහාරයක් ලෙස හඳුන්වා දිය හැකිය.   රස ගුණ සුවඳ සපිරි දේශීය නිර්මාංශ සහ වීගන් ප්‍රනීත ආහාර වේලක් ඔබට අගනුවර මාධ්‍යයෙන් පහසුවෙන් ලබා ගැනීමට Upali ‘s By Nawaloka  විසින් දැන් අවස්ථාව සලසා දී ඇත. ඔවුන් සතුව වීගන් ආහාර වර්ග ගණනාවක් ඇති අතර නුදුරු අනාගතේදී තවත් ආහාර වර්ග රස විඳීමට අප බලාපොරොත්තු  වන්නෙමු.    සටහන: චලනි මාරසිංහ  


by

Tags: