සෙන්ෂියා ඒකනායක

මම මූලිකවම නිර්මාංශ අයෙක් නොවෙයි. මේවා නිදහසට හේතු ලෙස පෙනිය හැකි නමුත් මාගේ සංස්කෘතිය, කුඩා කල සිට හැදී වැඩුණු පරිසරය මෙන්ම මා හට තිබූ (ඉන්දියානු ආහාරවලින් ඔබ්බට ගිය) ආහාර විකල්ප ඉතාම සීමිත විය. සීරියල්, පාන් සමඟ ජෑම් හෝ පීනට් බටර් ආදියෙන් යුතු උදෑසන ආහාරවේලක් ගැන සිතන තුරු ඇත්තෙන්ම, නිර්මාංශ ආහාර කිසියම් හෝ විකල්පයක් වන්නේ නැත. උපාධි අධ්‍යයනය සඳහා මම ඉන්දියාවට ගියෙමි. බොහෝ අය සිතන්නේ දකුණු ආසියාවේ සියලූ රටවල මිනිසුන් සිතන්නේ එකම ආකාරයකට බවය. එහෙත් සත්‍ය නම් එය එසේ නොවේ. ඇතැම්විට ඔවුන් බොහෝ දිළිඳු වන අතර අඩු සංවර්ධනයක් ඇති අයයි. මට ඉතාම සුළු සංස්කෘතිමය කම්පනයක් තිබූ අතර එය අවම කරගැනීමට හැකි පරිදි ත්‍රීරෝද රථ, මෝටර් රථ, රික්ෂෝ ආදිය තිබීම සතුටට කරුණකි. එහි මිනිසුන් බහුලව සිටියා පමණක් නොව, මැක්ඩොනල්ඞ් ආදියේ සිට සියලූම තැන්වල  ඕනෑවට වඩා මසාලාවලින් පිරී තිබුණි. 

පළමු දින කිහිපය ගෙවී ගියේ සැන්ඞ්විච් සමගිනි. අතීතය දෙස බැලීමේදී මගේ ජීවිතයේ කවරදාකවත් මම ඉන්දියාවේ ගතකරද්දී කෑ තරම් ප්‍රමාණයක් මා කවරදාකවත් පාන් ආහාරයට නොගත් බව පැවසිය යුතුය. චීස් සැන්ඞ්විච්, ග්‍රිල් කරන ලද චීස් සැන්ඞ්විච්, එළවළු සැන්ඞ්විච්, තවත් චීස් සැන්ඞ්විච්, ට්‍රිපල් ග්‍රි ල්ඞ් චීස් සැන්ඞ්විච් මගේ ආහාර වේල් බවට පත්විය. ඉතාලි ආහාර ගැනීමේදී හෝ චීස් රසයෙන් තෘප්තිමත් නොවන මට මේ තරම් චීස් ආහාරයට ගැනීමට සිදුවිය. මා සිතුවේ ගැටලූව ඇත්තේ මා කිසිදිනෙක ඉන්දියානු ආහාරවලට අකමැති වීම බවයි. බිරියානි හැර (පකිස්ථානි හා පර්ෂියන් සහ ඇෆ්ගන් ආහාර ද) මා ඔවුන්ගේ ආහාරවලට කැමති වූයේ නැත. මෙම අකමැත්ත සියල්ලට හේතුවන්නට ඇතැයි මා සිතුවෙමි.

අවසානයේ ඉන්දියානු ආහාර සඳහාත් උත්සහ කිරීමට මා හට කාලය එළැඹ ඇති බව මට දැනිණි. මා සිටි නේවාසිකාගාරයේ ආහාර ලබානොදුන් අතර එහි තිබුණේ බොහොම සාමාන්‍ය ආහාර වන මැගී, පාන්, සීරියල් පමණි. මම ඉන්දියානු ආහාරවලට ආදරය කිරීමට පටන් ගත්තෙමි. ඉන්දියාවෙන් පැමිණ වසර ගණනක් ගතවු පසුවත් ඇතැම් වේලාවට මා අවදි වන්නේ පනීර් බටර් මසාලා, ගෝබි මැන්චූරියන් සහ සුදුළුනු, චීස් නාන් ගැන සිතමිනි. නමුත් ඇත්ත කතාව නම් ‘වෙනස්වීම’ ආරම්භ වූයේ මගේ පළමු වසරේදී බවයි. මා සිටි කාමරයේ යෙහෙළියත් (තවත් ශ්‍රී  ලාංකිකයකු) මමත් අපගේ පළමු අවරුද්ද අවසානයේදී නිර්මාංශ වීමට සිතට ගතිමු. එය විප්ලවයක් වැනි එකක් වූ බව කීම අතිශයෝක්තියක් නොවේ. ඇත්තෙන්ම එය එකිනෙකාට සහය වෙමින්, යෙහෙළියන් ලෙස සිටි අපගේ මිත‍්‍රත්වයේ වඩාත් වැදගත්ම දේ විය. 

කෙසේ හෝ වේවා, නිවසට යාමට කාලය පැමිණි පසුව එහිදී මා හට හැමදිනම නිර්මාංශ වීම කළ නොහැකි බව වැටහිණි. නිර්මාංශ වී මාස 3කින් පසුව කායිකව මහත් සැහැල්ලූවක් දැනෙන්නට විය. මගේ සම පැහැපත් වෙමින් තිබු අතර මගේ සිරුරට ඒ වනවිටත් ලැබී තිබූ යහපත් ප්‍රතිඵල බොහෝ විය. නමුත් නිර්මාංශ වීම මා දිගු කාලයකින් මට දැනුණු හොඳම දෙයක් බවට පත්ව තිබිණ. 

මා මෙය යළිත් කරනවාද? ඇත්තෙන්ම ඔව්. ඉක්මණින්ම නොවුණත් මම එය කරනවා. මට ඉක්මණින් කල නොහැකි වී ඇත්තේ මාගේ මාපියන් සමඟ මා ජීවත් වන බැවින් මට අවශ්‍ය දේ පමණක් ආහාර සඳහා මට ගෙනයාමට නොහැකි වීමයි. කෙසේවෙතත් වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට මම හැමවිටම කටයුතු කරන අතර වඩාත් දැනුවත් වීමෙන් යුතුව ආහාර ගැනීම නිසා එහි ප්‍රතිඵල මාගේ සිරුරට ලැබෙනවා වගේම  Meatless Monday  වැනි වැඩසටහන් තුළින් ඊට වඩාත් සහය ලැබෙන බව කිව යුතුයි.