වර්තමානයේ මිනිසාට එල්ල වී තිබෙන ප‍්‍රධානතම අභියෝගය වන්නේ කාලගුුණ විපර්යාසයයි. දේශගුණ විපර්යාසයේ අහිතකර බලපෑම සැළකිල්ලට ගැනීමේදී ගෝලීය වශයෙන් සිදුවන විමෝචන මට්ටම කපාහැරීම අත්‍යවශ්‍යයෙන් හා කඩිනමින් කළ යුතු බව මැනවින් පෙනීයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය :ත්‍්ධ*පෙන්වා දී ඇත්තේ දේශගුණ විපර්යාසයන්හි අහිතකර ප‍්‍රතිවිපාක ඇතිකිරීමට බලපාන විමෝචනය සඳහා වැඩි දායකත්වයක් සපයනු ලබන්නේ පශු සැපයුම් දාමය හා මාංශ නිෂ්පාදන කර්මාන්ත වනබවයි. වර්ෂයකට කාබන් ඩයොක්සයිඞ් ගිගාටොන් 7.1ක් විමෝචනය කරන අතර ඉන් 14.5%ක්ම මිනිසා විසින් මුදාහරිනු ලබන හරිතාගාර වායුව ය. ඊට අමතරව සත්ව ගොවිකම නිසා සිදුවී ඇති බරපතළම ප‍්‍රතිවිපාකය වන්නේ ගවයන් සඳහා තණබිම් ඇතිකිරීම නිසා කරනු ලබන වන විනාශයෙන් ජෛව විවිධත්වය අහිමි වීමය. සත්ව ගොවිපළවල සත්ව අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක‍්‍රමවේද නිසා සිදුවන පිරිසිදු ජල මූලාශ‍්‍ර විනාශවීමෙන් ද අහිතකර තත්ත්වයක් උද්ගත වී ඇත.පශු කර්මාන්තයේදී සිදුවන හරිතාගාර වායු විමෝචනය සැළකිල්ලට ගෙන එය අවම කිරීමට කටයුතු කළ යුතු වේ. එ් නිසාම මාංශ අඩුවෙන් ආහාර ගැනීම සඳහා පෙළඹවීමේ ව්‍යාපෘතිය පාරිසරික වශයෙන් දැනුවත් වූ විකල්පමය ජීවන රටාවක් පිළිබඳ කරන හැඟවීම ඉතා වැදගත් ය. එමගින් දෛනිකව මාංශ පරිභෝජනය ප‍්‍රමාණාත්මකව අඩුකිරීම තුළින් විමෝචනය අවම කිරීමට හැකියාව ලැබෙන අතර තවදුරටත් එය පැරිස් සම්මුතියේදී එකඟ වූ ආකාරයට රටක් ලෙස අපේක්ෂිත අරමුණට නිතැතින්ම ළඟාවනු ඇත. මෙය සෞඛ්‍ය සම්පන්නව ජීවිත්වීම පමණක් නොව, කාබන් මුදාහැරීමේ ප‍්‍රමාණය අවම කිරීමට තනි පුද්ගලයන් වශයෙන් හා සාමූහික වශයෙන් වගකීම් ඉටුකිරීමට දායකවීමක් ද වනු ඇත. එසේම මාංශ කර්මාන්තය තුලනය කිරීම තුළින් සත්ව සුබසාධනය තහවුරු කෙරෙන මානව හිතකාමී ක‍්‍රමවේද ඇතුළත් කොට පශු නිෂ්පාදන වඩාත් තිරසාර රටාවකට ගෙනයනු ඇත. මෑතකදී අනුමත කරන ලද ශ‍්‍රී ලංකාවේ ජාතික තිරසර දායකත්ව වැඩපිළිවෙළතුළදේශගුණ විපර්යාස සම්බන්ධයෙන් මෙන්ම මෙරට පශු සම්පත් ක්ෂේත‍්‍රවලට අදාළ අංශ කෙරෙහි ද අවධානය යොමු කර තිබේ. මෙමගින් වායු විමේචනය සිදුවන සත්ව ගොවිපළ කටයුතු හා මාංශ නිෂ්පාදන අවම කිරීමට දායකත්වය දක්වනු ඇත. ඉහත දෑ කි‍්‍රයාත්මක කිරීමේදී ජාතික තිරසර දායකත්ව වැඩපිළිවෙළ ගන්නා කි‍්‍රයාමාර්ග දේශගුණ විපර්යාස හෝ මානව වර්ගයාට පමණක් නොව, සත්වයන් කෙරෙහි ද හිතකර බලපෑමක් වනු ඇත.සත්ව සුබසාධන ගැටලූ සම්බන්ධයෙන් ීඛශක්‍්භඅරමුදල සමඟ ද එක්ව කටයුතු කරන භාග්‍යා වික‍්‍රමසිංහ, දේශගුණ විපර්යාස පිළිබඳව පැවැත්වූ ගෝලීය තරුණ සංසදයේ දී ඵැ්එකැිි ඵදබා්හවැඩසටහන පිළිබඳ අදහස් දැක්වූවාය. එම වැඩසටහන මගින් මාංශ අඩු කොට එළවළු සහිත ආහාර ගන්නා ජීවන රටාවකට ජනතාව හුරුකරවන බව ඇය පැවසුවාය. එමෙන්ම නිරෝගී බව පිළිබඳ සිතාබලා මාංශ ආහාරයට ගැනීමට සැලැස්වීම නිසා දැනුවත්භාවය ඔස්සේ ආහාර ගන්නා ආකාරය ජනතාවට උපදේශ සපයන බව ද ඇය සඳහන් කළාය. දැනුවත්භාවයෙන් යුතුව ආහාර ගැනීම හා මාංශ අවම ආහාර පරිභෝජනය වඩාත් වැදගත් වනුයේ තනි පුද්ගලයන් වශයෙන් දේශගුණ විපර්යාසවලට කරන අහිතකර බලපෑම අවම කිරීමට දායකත්වය සැපයීම බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ‘මීළඟ ශ‍්‍රී ලංකාව – නීල හරිත යුගයක්’ නමැති ප‍්‍රදර්ශනය හා සම්මේලනය සහ 5 වැනි ආසියා-පැසිෆික් දේශගුණ විපර්යාස සමුළුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඔක්තෝබර් 17 වැනිදා සිට 19 වැනිදා තෙක් පැවැත්වේ. දේශගුණ විපර්යාස වැළැක්වීම සඳහා ශාක මූලික ආහාර ගැනීමේ වැදගත්කම පෙන්වාදීම සඳහා මෙහි සමාරම්භක උළෙලේ රාත‍්‍රි භෝජන සංග‍්‍රහය පැවැතියේ මාංශවලින් තොරව ය. මෙහිදී පැවැති දේශගුණ විපර්යාස පිළිබඳ සංසදයේ අවධානය මූලික වශයෙන් යොමුවී තිබුණේ ‘සෙල්සියස් අංශක 2ට අනුගත වීම හා ජීවත්වීම – ප‍්‍රතිපත්ති හා භාවිතයේ ඇති බාධක ඉවත් කිරීම’ යන තේමාව ඔස්සේය. ජාත්‍යන්තර හා දේශීය නියෝජිතයන් දහසකට අධික සංඛ්‍යාවක් දේශගුණ විපර්යාස සමුළුව සඳහා සහභාගි විය. මෙහිදී සූදානම් කර තිබු ආහාර වර්ග බොහොමයක් සකස් කර තිබුණේ පරිසර හිතකාමී අයුරින් මාංශවලින් තොරව, සතුන්ට ද සුබසාධනය සලසමින් ජීවත් විය හැකි බවට ආදර්ශ සපයමින් වීම විශේෂත්වයකි. මාංශ රහිත ආහාර යොදාගනිමින් පැවැත්වූ මෙම පිළිගැනීමේ උත්සවය, තමා සතු සමාජමය වගකීම මැනවින් කියාපාන අයුරින් ශ‍්‍රී ලංකා රජයේ නිලධාරීන්ගේ මඟපෙන්වීම ඔස්සේ නීල හරිත යුගයක් කරා යන ගමනේ සැබෑ අරුත සනිටුහන් කළේය.