සත්ව ආහාර නිෂ්පාදනවලින් තොරව ආහාර රටා වෙනස් කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන  (UNEP) මගින් ප‍්‍රකාශයට පත්කර ඇති අතර එ් සඳහා දේශගුණ විපර්යාස සඳහා වූ එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි  (UNFCCC) පක්ෂ සම්මේලනයේ (COP) අවධානය යොමුවී තිබේ. මෙම වාර්තාව සැකසීමේදී හඳුනාගෙන ඇත්තේ ගෝලීය සත්ව ආහාර පරිභෝජනය හා නිෂ්පාදන මට්ටම් තිරසාර තත්ත්වයකට ගෙනඑ්මට නම් එක්තරා අනුපිළිවෙළකට පිළියම් යෙදිය යුතු බවය. එහිදී ආර්ථිකමය කි‍්‍රයාකාරකම්, එතුළින් සිදුවන පාරිසරික බලපෑම් ආදිය පිළිබඳ සළකා බලා සත්ව නිෂ්පාදන හා ඊට යොදාගන්නා අමුද්‍රව්‍ය වර්ගීකරණයට ලක් කළ යුතු බව ද සඳහන් කර තිබේ. මෙම වාර්තාවට අනුව කෘෂිකාර්මික නිෂ්පාදන, මාංශ හා කිරි නිෂ්පාදන කර්මාන්තය සඳහා ගෝලීයව ඇති පිරිසිදු ජලය 70%ක් යොදාගනු ලැබේ. එ්වායෙහි භූමියේ භාවිතය සඳහා 38%ක් ද දේශගුණ විපර්යාසවල දායකත්වය දක්වන හරිතාගාර සඳහා 14%ක් ද පිරිසිදු ජලය යොදාගනී. 

දේශගුණ විපර්යාස සඳහා දක්වන දායකත්වය

අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ සත්ව ගොවිපළ නිෂ්පාදන අංශයේ විමෝචනයෙන් 40%ක් සහ 20%ක් ගවයන්, එළුවන් හා බැටලූවන් වැනි සතුන්ගේ මාංශ සහ හරක් මස්, එළ කිරි නිෂ්පාදනයේදී  සිදුකරන බවයි. එහිදී මෙම අංශයේ මුළු විමෝචනයෙන් ඌරු මස් වැනි නිෂ්පාදන හා කිකිළි බිත්තර 9%ක් හා 8%ක ප‍්‍රතිශතයක් ගන්නා බව ද සොයාගෙන තිබේ. 
කණගාටුදායක තත්වය එම වාර්තාව මගින් තවදුරටත් අනාවරණය කර ඇත්තේ ”ජනගහනය වර්ධනය වීමේදී, සත්ව නිෂ්පාදන පරිභෝජනය ඉහළ යන අතර, කෘෂිකර්මයේ බලපෑම ද එ් සඳහා සැළකිය යුතු මට්ටමින් ඉහළ යා හැකි බවට අපේක්ෂා කෙරෙන බවයි. මෙහි බලපෑම අවම කිරීමට නම්, කළහැක්කේ සත්ව නිෂ්පාදනවලින් ඉවත්වීම සඳහා ලෝකය පුරා ප‍්‍රමාණවත් අයුරින් ආහාර රටා වෙනස් කිරීම මගින් පමණි” යනුවෙනි.

සංවර්ධනය වෙමින් පවතින රටවල ජනගහන වර්ධනයේදී මාංශ හා කිරි වැනි ප්‍රෝටීන් බහුල ආහාරවලට වැඩි වශයෙන් නැඹුරුවීම නිසා එහි ආර්ථික හා පාරිසරික බලපෑම අනුව තිරසාර තත්වයක පවත්වාගෙන යා නොහැකි බව ද වාර්තාවේ විශේෂයෙන් සඳහන් කර තිබේ. මෙලෙස සත්ව ප්‍රෝටීන ඉල්ලූම ඉහළ යාම, ලොව පුරා විසිරි පවතින පශු කර්මාන්තයට අනිවාර්යයෙන්ම වැඩ බරපැනක් බවට පත්වනු ඇත. එමෙන්ම එහිදී සත්ව ගොවිපළවල ශක්‍යතාව වැඩිකරගැනීම සඳහා තාක්ෂණය හා වාණිජකරණ භාවිතය වැඩි වශයෙන් භාවිත කිරීම නිසා සත්ව සුබසාධනය නොසළකා හැරෙනු ඇත. 

තවත් කරුණක් නම්, මෙම අංශයේ සීඝ‍්‍ර වර්ධනය කිසිදු සැකයකින් තොරව අනාගතයේ විමෝචන අගය ඉහළ යාමට හේතුවේ. එමෙන්ම භූමිය අධික ලෙස ප‍්‍රයෝජනයට ගැනීම තුළින් සතුන්ගේ වාසස්ථාන විනාශ වි සත්ව විශේෂ වඳවී යාම, විනාශ වීම ද සිදුවීමට ඉඩ ඇත. මාංශ අධික පරිභෝජනය හා කිරි නිෂ්පාදනය පාරිසරික වශයෙන් පමණක් නොව, අපගේ සෞඛ්‍යසම්පන්න බවට ද ඇති අවදානම ඉහළ නංවන අතරම ස්ථූලතාව හා බෝ-නොවන රෝග ඇතිවීමේ හැකියාව වැඩිකරයි.

ජීවන රටාව වෙනස් කිරීම

වෙනත් ආකාරයකින් බලන කල, සෑම පුද්ගලයකුම තමන්ගේ ආහාර රටා හේතුකොටගෙන හරිතාගාර විමෝචනය හරහා දේශගුණ විපර්යාස සඳහා දායකත්වය දක්වනු ලබයි. අධ්‍යයනයකින් හෙළිවී ඇති පරිදි නිර්මාංශ ආහාර කිලෝකැලරි 2000ක් පරිභෝජනයෙන් විමෝචනය වන GSG වායු විමෝචනයයට වඩා  මාංශ ආහාර කිලෝකැලරි 2000ක් විමෝචනය කරන ප‍්‍රමාණය 2.5 ගුණයකින් වැඩි බවය. වෙනත් ආකාරයකින් පැවසුවහොත් නිර්මාංශ හෝ ශාක මූලික ආහාර ගන්නා අයකු මෙන් දෙගුණයකටත් වඩා වැඩියෙන් මාංශ පරිභෝජනය කරන අයකු හරිතාගාර වායු විමෝචනය කරනු ලබයි. මාංශ පරිභෝජනය අවම කිරීමේ ආහාර රටාවලට ජනතාව හුරුපුරුදු කළ යුතු බවයි. මාංශ හා කිරි නිෂ්පාදන අවම කිරීමෙන් දිගු කාලීන විසඳුමක් ලෙස පශ්චාත්-පැරිස් විමෝචන පරතරය පියවීම කරා යා හැකි බව ද එහි සඳහන් කර තිබුණේ මෙසේය. ”සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ගැනීම සඳහා ලෝකයම කටයුතු කළහොත් වාර්ෂිකව සිදුවන විමෝචනය අවමවීමෙන් 2050 වනවිට ගෝලීයව කාබන්ඩයොක්සයිඞ් ගිගාටොන් 6ක් පමණ විමෝචනය වළක්වා ගත හැකියි” යනුවෙනි.

නිර්මාංශ හා කිරි රහිත ආහාර වෙත ආහාර රටා වෙනස් කරගැනීමේ අවශ්‍යතාව පිළිබ`ද හඳුනාගැනිම ඉතා වැදගත් කරුණකි. මෙහිදී බොහෝ වාණිජමය හා පරිසර හිතකාමී විකල්ප නිර්දේශ කළ යුතුවේ. UNEP වාර්තාව මගින් නිර්මාංශ ආහාරවල ඇති වටිනාකම පිළිබඳ දක්වා ඇති අතර පරිභෝජනය හා නිෂ්පාදනය මත තිරසර ප‍්‍රවණතාවන්ට ගැළපෙන පරිදි මාංශ කර්මාන්තයේ ප‍්‍රවණතා වෙනස් කළ හැකි බව ද එහි සඳහන් කර ඇත. මෙමගින් සෞඛ්‍යසම්පන්න දිවියක් පමණක් නොව, තනි පුද්ගලයන් වශයෙන් කාබන් විමෝචනය මගින් දේශගුණ විපර්යාසයට දක්වන දායකත්වය අවම කළ හැකි බව ද පෙන්වා දී තිබේ. ශ‍්‍රී ලංකාවේ ජාතික නීර්ණය දායකත්වය (NDC) සහ පශුසම්පත් අංශය UNEP සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වැනි එක්සත් ජාතීන්ගේ සෙසු සංවිධාන විසින් හරිතාගාර වායු විමෝචනයේ තීව‍්‍රතාව හා පශු සම්පත් කෘෂිකර්මාන්තයේදී ස්වභාවික සම්පත් භාවිතයෙන් කරනු ලබන නිෂ්පාදන කාර්යක්ෂමතාව අතර ඍජු සබඳතාවක් ඇති බව හඳුනාගෙන තිබේ. විමෝචනය අවම කිරීමේදී අවධානය යොමුකළ යුත්තේ සත්ව කෘෂිකර්මාන්තයේ භාවිත වන තාක්ෂණික හා භාවිත ක‍්‍රමවල සැපයුම් අංශයේ ඇති අකාර්යක්ෂමතාව පිළිබඳවයි. ආහාර හා කෘෂිකර්ම සංවිධානය හඳුනාගෙන ඇත්තේ දකුණු ආසියාව, ලතින් අමෙරිකාව, කැරීබියන් හා අප‍්‍රිකාව සතුව කාර්යක්ෂමතාව අඩු  පද්ධති කි‍්‍රයාත්මක කරන බැවින් විශාල වශයෙන් මෙම තත්වය අවම කරනු ඇති බවයි. මෙම රටවල සත්ව නිෂ්පාදන වර්ග අතින් අඩු වුවද සංඛ්‍යාත්මකව වැඩි ය.  විමෝචනයේ තීව‍්‍රතාව අවම කිරීමෙන් විමෝචනය වැළැක්විමට සහය දෙයි. දේශගුණික වශයෙන් හිතකර හා මානුෂීය ආකාරයෙන් පශු සම්පත් භාවිතයට තවත් ක‍්‍රමවේද හඳුන්වාදීම තුළින් නිෂ්පාදන තීව‍්‍රතාව හා මෙම අංශයේ විමෝචන මට්ටම් අවම කිරීමට හැකිය.

ශ‍්‍රී ලංකාවේ ජාතික නීර්ණය දායකත්ව වැඩපිළිවෙලේදී දේශගුණ විපර්යාස පිළිබඳ මෙන්ම පශු සම්පත් අංශය පිළිබඳව ද අවධානය යොමු කර තිබේ. සත්ව කෘෂිකර්මාන්තයේ පරිමාණය අවම කිරීම තුළින් විමෝචනය අවම කිරීම පිළිබඳ එහි නිර්දේශ මගින් පෙන්වා දී තිබේ. ජාතික නීර්ණය දායකත්ව වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම වන්නේ දේශගුණ විපර්යාස වැළැක්වීම වෙනුවෙන් කරන මානවවාදී කි‍්‍රයාකාරකම්වල සම ප‍්‍රතිලාභ ලැබෙනුයේ මිනිසාට පමණක්ම නොවන නිසාය. 

ප‍්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා මුල් පියවර

ජාතික නීර්ණ දායකත්ව වැඩසටහනෙහි එක් අංගයක් ලෙස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් සංවිධාන කරන ලද ‘මීළඟ ශ‍්‍රී ලංකාව- නීලහරිත යුගයක්’ ප‍්‍රදර්ශනය හා සම්මේලනය සහ 5 වැනි ආසියා-පැසිෆික් දේශගුණ විපර්යාස සමුළුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඔක්තෝබර් 17 වැනිදා සිට 19 වැනිදා තෙක් පැවැත්වේ. දේශගුණ විපර්යාස වැළැක්වීම සඳහා ශාක මූලික ආහාර ගැනීමේ වැදගත්කම පෙන්වාදීම සඳහා මෙහි සමාරම්භක උළෙලේ රාත‍්‍රි භෝජන සංග‍්‍රහය පැවැතියේ නිර්මාංශ ආහාරවලිනි. මෙහිදී පැවැති දේශගුණ විපර්යාස පිළිබඳ සංසදයේ අවධානය මූලික වශයෙන් යොමුවී තිබුණේ ‘සෙල්සියස් අංශක 2ට අනුගත වීම හා ජීවත්වීම – ප‍්‍රතිපත්ති හා භාවිතයේ ඇති බාධක ඉවත් කිරීම’ යන තේමාව ඔස්සේය. ජාත්‍යන්තර හා දේශීය නියෝජිතයන් 1000කට අධික සංඛ්‍යාවක් දේශගුණ විපර්යාස සමුළුව සඳහා සහභාගි විය. මෙහිදී සූදානම් කර තිබු ආහාර වර්ග බොහොමයක් සකස් කර තිබුණේ පරිසර හිතකාමී අයුරින් නිර්මාංශව, සතුන්ට ද සුබසාධනය සලසමින් ජීවත් විය හැකි බවට ආදර්ශ සපයමින් වීම විශේෂත්වයකි. නිර්මාංශ ආහාර යොදාගනිමින් පැවැත්වූ මෙම පිළිගැනීමේ උත්සවය, රටක් ලෙස තමා සතු සමාජමය වගකීම රජය විසින් ඉටුකිරීමේ මුල් අදියර බව පෙන්වා දී තිබිණ. UNEP සංවිධානයේ නිර්දේශ පරිදි, තනි පුද්ගලයාගේ සිට රටක් ලෙස නිර්මාංශ ආහාර භාවිතයෙන් පරිසර හිතකාමී ලෝකයක් බිහිකිරීමේ මුල් අදියර එම වැඩසටහන ඔස්සේ එලෙස ආරම්භ කර දී තිබුණි. 